නොදල්වමි!!


නුඹ එක්ක ඇවිදගිය
කෑම කඩවල තිබ්බ
කුණු බාල්දි අවුස්සා
අපි බීපු බීම බට
සොයසොයා වෙහෙස වී


අටපට්ටම් හැඩයට
එකින් එක ගැටගසමි
මතක සව්කොළ ඉරා
කඳුළු මැලියමෙන් අලවමි


කාටවත් නොපෙනෙන තැනක
එල්ලලා හැඩ බලමි
කිසිදාක අටපට්ටම
නොදල්වමි!!

Comments

  1. කාලය නැවතුනේ නැති උනාට හිත නවතින්නේ නැනේ, නොදල්වන එක කෝකටත් හොදයි අමා අටපට්ටම..මේ වගේ අටපට්ටමක් හදල හැඩ බලන්න තරන් සංයමක් තියන එකත් ලොකු දෙයක්...

    ReplyDelete
  2. දල්වන්න..විදින්න...

    ReplyDelete
  3. තවත් අමුතුම සිතිවිල්ලක්. අමුතු විදිහට වයර් වෙච්ච මොලයක්. සුභ පැතුම්

    ReplyDelete
  4. කවි ලියන බොහෝ අයට හසුනොවෙන දේ අල්ලාගත හැකි ශාප් මීටර් එකක් ඔබ සතුව ඇත. අගෙයි!!!!!

    ReplyDelete
  5. //අමුතු විදිහට වයර් වෙච්ච මොලයක්// මේකටනං මං 100%ක් එකඟයි. අමාගෙ ලියවිලි කියවන්න මං ආසා මෙකයි. හරිම අමුතුයි, ඒ අමුත්ත පට්ට ලස්සනයි.

    ReplyDelete
  6. නුඹ එක්ක ඇවිදගිය
    කෑම කඩවල තිබ්බ
    කුණු බාල්දි අවුස්සා
    අපි බීපු බීම බට
    සොයසොයා වෙහෙස වී

    බීම බට කියන්නෙ සවි ශක්තිමත් නැති දෙයක්. දැල්වූවට පස්සෙ බීම බට අටපට්ටම් වලින් වැඩක් නෑ. සමහරවිට දල්වද්දී පිච්චිලා යන්නත් පුළුවන් නොදල්වන එක වඩා හොඳයි .කාටවත් නොපෙනෙන තැනක එල්ලලා තියන එකත් හොඳයි .

    ReplyDelete
  7. අපූරු, ඒ වගේම වෙනස් විදියේ නිර්මාණයක්...

    ReplyDelete
  8. හැමදාව වගේ පට්ට ගති මචං

    ReplyDelete
  9. ආදරය කියන්නෙ මහා පුදුමාකාර දෙයක්. ඇත්ත හිත ඇතුලෙන් විසිතුරුව හදල ලස්සන කරල කාටවත් නොපෙනෙන විදියට හැඩ බලන ඔප කරන හැගීමක් තමයි ආදරේ. හැගීමක් වචනවලට ගලපපු හැටිනම් හරිම අපූරුයි

    ReplyDelete
  10. කොයි දෙයින් කොහොම හැදුවත් ඒ තරම් ලස්සන අටපට්ටමක් නෑ නේද කොහෙවත්. කවදාවත් නොදැල්වුවත් ඒක දකින හැමදාම හදවත දැල්වෙනවා කියලා දිලිසෙන ඇස් වලින් කියන්න පුලුවන් ඒකයි
    හංගලා තියන්න යන්නෙ

    ReplyDelete

Post a Comment

Popular Posts