මනමාලයෙක් නැතිව දීග යමි හිතින් මම
තාත්තා තටු ලබා ඉගිල ගිය නිසාවෙන්
ගෙදර පාදම වෙලා දරාගෙන බර මං
හතලිස් ගණන් පහු වෙලා යනකන් තනියෙන්
චිමිණි එළියෙන් වියපත්
නර කෙස් එකින් එක පිරිමදිම්
නංගී බැඳලා ගිහින් මාසයයි සති දෙකයි
දරු සිහින කෝටියයි තව හීන ගෝනියයි
මැටි බිත්ති තැනින් තැන ගැලවිලා යන හැඩයි
අහස් කළුවර එක්ක මම තාම තනිකඩයි
කතාවක් බහක් නැති දිරා යන යට ලීය
මදාරා මල් පිපෙයි බලා ඉන්නා මිඳුල
සියක් ආයුෂ වැළඳු මහගෙදර උළුවස්ස
ඉරිතැලුණ හීන මගෙ තදින් අල්ලා ඉන්න
පිරිමි පුළුටක් නැතිව පාළු වුන වියන් ඇඳ
වහින දවසක් නැතත් තෙමෙයි කම්මුළක කොණ
ගෙවෙන බක් මහ මැදක මඟුල් කප්පර අතර
මනමාලයෙක් නැතිව දීග යමි හිතින් මම
මට එකවරම මතක්වුනේ වික්ටර් රත්නායකගේ අම්මා නැති මට කිරිඅම්මා වී කියන ගීතය.
ReplyDeleteඅර්ථවත් නිර්මාණයක්.සාර්ථකයි.
මෙවන් අවස්ථා කොතෙකුත් තියෙන්න පුළුවන්.
ReplyDeleteඅර්ථවත්, ලස්සනයි,
මේ වගේ අද්දැකීම් ලබපු කීදෙනෙක්නම් ඇද්ද.. ඒ අයටත් මේ වගේ ගොඩක් දේ හිතනවා ඇති.
ReplyDeleteඔයාටත් අහසෙන් එන අපෙන් නව වසරට සුභ පැතුම්...
අපුරු නිර්මාණයක්. අදහසත් එක්ක යොදාගත්තු ඒ ඒ උපමා කවිය තවත් ලස්සන කරනවා. ජය වේවා අමා. සුබ අලුත් අවුරුද්දක්.
ReplyDeleteදුක හිතුනා කියවද්දී මේ වගේ බර දරන කැපවීම් ගොඩක් දෙනෙක් ඇති...කොහොම උනත් සුබ අලුත් අවුරුද්දක්.
ReplyDeleteහැමදාම වගේ හරිම අපූරු නිර්මාණයක් මලයෝ.. මේ අලුත් අවුරුද්දෙ විබාගෙත් හොඳටම කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්න..
ReplyDeleteගොඩාක් ස්තූතියි අදහස් දක්වපු හැමෝටම..මේ හැම අදහසක්ම ගොඩක් වටිනවා <3
ReplyDelete