මඟහැරුන සෙවනැලි
මා සතුව පැවති ප්‍රේමයේ
අගසව් දෙනම හැර ගොසිනි,
කාගේදැයි නමක් නැති කඳුළක
හැඩය ගත් ක්ෂුද්‍ර දිවයිනක
හුදකලාවෙන් පසුවෙමි,
කැලැන්ඩර් කොළ
ගලවගලවා විසිකරමි!!
ස්කයිප් කවුළුවෙන් එබෙන
අංගරාග තැවරුණ මුහුණකි,
අම්මාට කොහොමදැයි විමසන
නොසැළකිලිමත් මද සුසුමකි,
වැඩ අධික බව සැලකරන
නොරිස්සුම් සහගත මතුව
වරින් වර පිටකරන කැස්සකි,
මම ,
ඔහේ බලාගෙන ,
නොහෙලාම ඇසිපිය,
එබිඑබී ඒ විසල් දෑසට,
සොයන්නෙමි
පොඩි දුවගේ
මඟහැරුන සෙවනැලි
මසකට වරක් හැඬවෙන,
මහළු දුරකතනයකි,
ගොරගොර ගගා අමතන
ඒ පිරිමි කටහඬ
ලොකු පුතාගේ බව අඳුනමි,
මහගෙදර නංගිටද ඔහුට දැයි පැනයකි,
පහළ කුඹුරු කාටදැයි සැකයකි,
මම,
සියුම් රිදුමක් ඇනිඇනි
වේදනා දෙන හදවත
පසෙකින් ගලවා තබමි,
රීසිවරය අතහරිමි!!
දොර උළුවස්ස ලඟ
කබ පෙරාගත් පූසියෙකි,
මූණ සෝදන්න මතක නැති,
පුරුපුරු ගාන්න අමතවකව ඇති!!
කඳුළු....
ReplyDeleteගොඩක් වයසක දෙමාපියන්ගේ කතාව...අපිවත් ඔහොම නොකරන්න හිතා ගමු
ReplyDeleteනාගරිකත්වයේ කළු සෙවණැළි...
ReplyDeleteඅම්මව මතක නැති පුතා දුව.. මහළු කමේ කාන්සිය...
දුක හිතෙන කවියක්...
අපූරුයි හැබැයි.. ජයවේවා
මහේෂ්....ඇයි උඹ මෙතන නාගරිකත්වය හයිලයිට් කරලා තියෙන්නේ...මේ කියන්නේ නගරයට විශේෂිතවු තත්වයක්ම පමනද?
Deleteසුලබ අත්දැකීමක්... දුලබ හැඩේකට ලියලා. ලස්සනයි. ජයවේවා.
ReplyDeleteලස්සනයි වගේම අර්ථවත්
ReplyDeleteඅසුන්දර තත්වයක් සුන්දර වචන වලට ගොනු කරලා....
ReplyDeleteඅපුරුයි...