වලස් වළප

සදාදර සුළඟ
කමා කර
සොඳුරියට  මෙය
ඇසෙන්නට කියනවද?

මළින වුන වානේ කූරු අතරින්
මිළින වූ සිහිනයක වගතුග
දන්න කියනා කෙනෙක් ගැන
හාංකවිස්සියක්වත් නැත තාම

මේ උයන බියකරු
සිරමැදිරි අතරින් පවා
මල් වවා ඇති,
උපන් බිම ගැන මතක
අළු දූලි කරනු වස්
මහ පොළව කොන්ක්‍රීට් කර ඇති,

මට දැනෙන පාළුව
උගුර පාදා කිව නොහැකි
ලියා නුඹ වෙත එවිය නොහැකි
ඉවසලාම මට දැන් හති
පුතා තාමත් පොඩි ඇති
දුව ගැන මතකයක් පමණක්
සිහිනයක් මෙන් හිතේ රැඳි



අපේ ලෙන ලඟ ඇහැළ ගස
මලින් මල්වරද මේ බක් මස
කුඹුක් ගස් දෙබලේ මී වද
තාම ඉතිරි වී තියෙනවද
සොඳුර මට කියනවද
මම තාම නුඹෙ එකම
ලොම් පිරුණ ප්‍රේමයේ වලසාද

හැමදාම එන යන ආපසු එන
නේක විද මිනිසුන්ට පේන්නට
විරිත්තා වියරු ලෙස වුන්නාට
හදවතේ දුක අතුබෙදී හැමතැන
කාටවත් පේන්නැති තරම් ඉසියුම්ව
නුඹ ගැන පවා සිහිවෙන විට
අකුණු පුපුරන වගක් දැනෙනවා
හිසමත

වෙලාවක් ලැබුනොති දිනෙක
වලස් වෙස් අතහැර
විහඟ වෙස් ගෙන හෝ
පියාඹා එමි
සොයා නුඹෙ සුවඳ

සොඳුර,
මා සුවෙන් නොසිටියද
නුඹ සුවෙන් පසුවන්න
සාදාදර සුලඟ අත
මටද විස්තර කියා එවන්න


ප.ලි-

මේ විසල් වලසා
කූඩුවෙන් පිටතට
අනවසරයෙන් පැමිණීම නිසාවෙන්
වෙඩි තබා නිසල කරන ලද

මළ කඳ
සිංහයන්ට
පාතරසය පිණිස!!

Comments

  1. අමා වෙනස් වෙලා තියෙන්නෙ. මොනා වුනත් මම ඒ වෙනසට කැමතියි. කවියත් ලස්සනයි. මේ බ්ලොග් එක සින්ඩි වලට දාල නැද්ද?

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එක මාතලන්ගේ සින්ඩියේ නම් තියෙයි...තැන්ක්යූ තාරකාව...ඔව් පොඩි වෙනසක් කලා ඉතින් ^_^

      Delete
    2. අපේ සින්ඩියේ තීනවා අන්දියෝ.........

      Delete
    3. මගෙ බ්ලොග් එක මුලින්ම සින්ඩියකට එකතු කර ගත්තෙත් කුරුටුලා තමයි. ස්තූතියි

      Delete
    4. ගොඩක් ස්තූතියි කුරුටු මගේ බ්ලොග් කට්ටත් සින්ඩියට ගත්තාට ^_^

      Delete
  2. නිර්මාණය ලස්සනයි අමා.................

    ReplyDelete
  3. උඛේ කවිය අගෙයි මලේ ... මේන් මටත් ආව එකක් :)

    පනින්නම හිතෙයි මට ..
    මොනව හරි වෙන දෙයක් වෙන්නට
    හැකිවුනොත් හෙම මට
    අරන් එන්නද එකෙක් ඩැහැගෙන
    පෙන්නන්න පොඩි එවුන් දෙන්නට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චමිල් ^_^
      මේකත් මරු

      Delete
  4. ගෙන ගියෙමි මිතුර
    නුඹගේ පණිවිඩය
    සබඳ මම
    සුළඟ

    දරුවන් ඇත සොදින්
    ඇඹිනිය ඇත සොවින්


    ReplyDelete

Post a Comment

Popular Posts