නුඹ යන්න ගියා ගියාමය

කුඩු හැලෙන පදම් කළ ලී දොරේ
අගුල් සුන් වෙලා ගිය පසුව
නැවත දින නියමයක් නැතිව
නුඹ යන්න ගියා ගියාමය!

යටගිය දවස බර ඇස් අතර
අළු සුදු පාට සඳ වකයක හැඬයට
මා සියතින්ම ගෙල සිර කරන ලද
නින්ද ගැන ඝන මතක
තාමත් ඒ තිබුණ තැන් වලම
තියෙනවා යැයි සිතමි මම

නුඹ තමා ඒ දවස් වල සයුර
රැළි නඟන සංසුන්ව සිනහසෙන
මුහුදු තණ පෙතකි නුඹෙ රැවුල් කොට
මගෙ දෙතොල් අයාලේ ඇවිද ගිය

මෝසමකි මංමුලා අහස් කුස
නිම නොකළ ඉතිරි වුන දවස් කිස
ඇද හැලෙනුදෝ නැද්ද කුකුස මැද
මදක් වම් පසට බර රිදුම නුඹ


මම දිරාපත් වෙමින් දිනෙන් දින
කුඩු හැලෙන දොර ගාව දිගා වී
නැවත පැමිණියොතින් කියා නුඹ
වෙන අයෙකුගේ දෙපා ඉවසමින්
තනිව

Comments

  1. //මා සියතින්ම ගෙල සිර කරන ලද නින්ද//

    ReplyDelete
  2. දොර ගාව තවම මම,
    මග බලා හිදිමි තව,
    නෑ තාම ආවේ නුඹ,,,
    යන්නම යන්න ගිහින් වාගේ නුඹ,,,

    ReplyDelete
  3. //මදක් වම් පසට බර රිදුම නුඹ//
    maru...

    ReplyDelete

Post a Comment

Popular Posts