අප්පච්චි
දේවදාර කුරුසයක බර
ඉපල් වුන උරහිසට බරකර
අපි නිසා කල්වාරිය නගින
අප්පච්චි
පෙනෙන නොපෙනෙන දුර සිට
හිනා වෙනවාද මන්දා
මහා සිකුරාදා හවසක
වයින් වීදුරු ඉතිරෙයි
ලේ ගැලුම් කාණ්දුව වැගිරෙයි
ඇණ ගසූ තැන් තවම රිදෙනවද
අප්පච්චි ආයිමත් එන්නැද්ද
අප්පච්චි කුරස බර උහුලාන
කල්වාරි නොගිහින්ම බැරි වෙයිද!!
ඉපල් වුන උරහිසට බරකර
අපි නිසා කල්වාරිය නගින
අප්පච්චි
පෙනෙන නොපෙනෙන දුර සිට
හිනා වෙනවාද මන්දා
මහා සිකුරාදා හවසක
වයින් වීදුරු ඉතිරෙයි
ලේ ගැලුම් කාණ්දුව වැගිරෙයි
ඇණ ගසූ තැන් තවම රිදෙනවද
අප්පච්චි ආයිමත් එන්නැද්ද
අප්පච්චි කුරස බර උහුලාන
කල්වාරි නොගිහින්ම බැරි වෙයිද!!
අම්ම තරම්ම දුකක් තාත්තලත් දරුවෝ නිසා විඳිනවා, නමුත් ජිවිතයේ වැඩි කාලයක් තාත්තලා එක්ක ආශ්‍රය අපිට නොලැබෙන නිසා ඒක දැනෙනවා අඩුයි.
ReplyDeleteලොකු කතාවක්.
ReplyDeleteඅවධානයක් නැති මනුෂ්‍ය කොට්ටාශයක්.
ලස්සන කවියක්.
අන්තිමට සුසුමක්