මම සිටිමි හිටිවනම

ඇත් රජුනි මෙත් සිතැති මඟහරිනු මැන හේන,
කප්පරක් දුක් වැතිර කුරක්කන් කරල් වෙන,
රැස් වෙහෙර ලඟ පුදපු නෙළුඹු මල් අනුහසින,
හේන පැලේ මගේ සෙනෙහෙ සඳ රකිනු දෙව් සෙනඟ


සඳ ගෙපැල හැර පියඹ කුඹුක රුකකට වඩින,
කුරක්කන් තලපයකි ප්‍රේමයකි එහි රැඳුන,
ගිනි මැළය ලඟ දැවෙන තනිකමකි නුඹ දකින,
නුඹ කියන කවි ඇහෙන මට හීත නැහැ දැනෙන,


දහවලක ගිනි දැවෙන දා වහින අපේ හේන,
නුඹ කොටන මහ පොළව නුඹෙ සුවඳ ඉවකරන,
එන දුරුතේ නුඹ රැඳෙන තුරු ගෙපලේ මඟ බලන,
මම සිටිමි හිටිවනම දරු සිහින දරාගෙන,

Comments

Post a Comment

Popular Posts