උස් ජනෙල්


උස් ජනෙල් කවුළු තෙම ඇර පියන්පත් දෙකම
 ඉකිබිඳින සලපතර මළුව දෙස යොමයි නෙත
 එකින් එක ලිහා මල් පෙති දමා පොළව මත
 දාස්පෙතියා මලකි භජන් ගීයක් කියන


රොණ් සුඹුළු නග්න මද කිපුණු සුලඟට නතුව
 රාගයක අන්තරා කොටසකට දැහැන් ගත
 මන්ද්‍ර ස්වරයෙන් සෙමින් හුස්ම අතහරින සඳ
 වළා කැටියකට තම විසල් බර බාරදෙන


ලඹ කුසුම් දම් අතර සළඹ පෙම් කවි ඇසෙන
 ලග රටා ඇස් ඇරන් අහස මත වැතිරගෙන
 ලගුක හඬකින් කියන ප්‍රේමයක් ගැන සුතුර
 ලකර කර තුන් සිතම ලඳු'තරින් හිස හොවන


දැවෙන බිඳ වැටෙන කඳුළකට මං සදාලන
 රැදුන මීදුම අතර කළුවරකි තෙමාලන
 කැඩුණ හිත කැබළි කර වැලි පසක සඟවාන
 මැරුණ මුත් ඉපල් තුරු පෙළකි යලි සිනහසෙන

Comments

  1. වෙනස්, හැබැයි ලස්සනයි.

    ReplyDelete
  2. උඹේ කවි කෝමත් රහයි මචෝ
    ජයවේවා

    ReplyDelete
  3. අමාගෙ කවි කොහොමත් ලස්සනයි.......

    ReplyDelete
  4. හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තූතියි ^_^

    ReplyDelete

Post a Comment

Popular Posts