දෙවියන්ට හොරෙන්


අල්තාරය ලඟ,
කැමැත්තෙන් තටු අතහරින,
කිරිල්ලන් සිටිනවා මිතුර,
දෙවියන්ට තටු සවි කරනු පිණිස.


යාඥාවක අතර මඟ,
හැමදේම දෙවියන්ට බාර කර,
තටු තිබුණු තැන් ගැනත්,
කිරිල්ලන් යටි හිතින්,
විමසනවා(ලු) මිතුර,
බියවිය යුතු(ලු) දෙවියන්ට එහෙම.

 ඉතින් කිරිල්ලිය මේ අහන්න,
උදෑසන දෙව් මෙහෙය අතර,
යටැසින් මා දිහා බලන එක,
දෙවියන්ට නොපෙනෙන්න,
කරන එක තමා පුදුම!


ප්‍රේමයෙන් ඇවිලෙන්න,
දෙවියන්ට හොරෙන්,
මටත් හැකි වෙයිද,මිතුර

Comments

Popular Posts