උස අඩි සපත්තු

අසුන් සියයකි,
වැහි තුඩු අගින් පැන යන,
කළුවරක් ගැන වගක් නැති,
හාදුවකි නාදුනන,
බරට අඩි තියා යනු කැමති


සඳ කැබලි වුන මඩ වලකි,
බිළාල පිපාසයකට වග කියන,
මම පහන් කණුවකට බරව,
පයඟිල්ලකින් තෙත පොළවේ
 තරු මඟ ලකුණු අඳින


රතු පාට මිනි ගවුමක්,
උස අඩි සපත්තු යුවලක්,
සඳ කැබළි මඟහරින,
පහන් කණුව අසලින් නතරව,
සිලි බෑගයක පාර්සල්ගත
 සිනහවක් ඔතා පිරිනමන,


පැයක් මොනරෙකුට හිලව් කර,
මිනි ගවුම වම් අතක බලෙන් එල්ලෙන,
පහන් කණුවත් පසු කර,
එළි බිඳැති තහනම් කළුවරක
 මාංශ වැලි මළුවක නවතින!


දීර්ඝ සුසුම් සංවාදයක,අවසන,
පොඩි වෙච්ච මොණර පියාපතක,කෙළවර,
කඳුළු අවුන්සයක්
 මුහුදු වතුරේ රසට තැවරෙන!


ආයිමත් සඳ කැබළි මඟ හැර,
මිනි ගවුම,
මෝසම් සුලඟේ පාවෙන,


පුයර බිඳුවකින්
 කඳුළු අසනි වැසි,
වාෂ්පීකරණයක කළ හැකි බව,
මිනි ගවුම රහසින්,
පහන් කණුවට
 විතරක්ම
 කොඳුරන!!

Comments

  1. පුයර බිඳුවකින්
    කඳුළු අසනි වැසි,
    වාෂ්පීකරණයක කළ හැකි බව,
    මිනි ගවුම රහසින්,
    පහන් කණුවට
    විතරක්ම
    කොඳුරන!!

    පට්ට!

    ReplyDelete
  2. අපූරු කවි පෙලක්. නියමයි. ඔහොම යං අමා.

    ReplyDelete
  3. පුයර බිංදුවකින් ආත්මයම වහන්න පුළුවන්නම් කොච්චර දෙයක්ද.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ගොඩක් අය එහෙම කරළා තියේවි නේද!

      Delete
  4. ස්තූතියි මුදී
    ස්තූතියි කුරුටු :)

    ReplyDelete

Post a Comment

Popular Posts