නත්තල්


ඔෆිස් ගිහින් දැන්ද ආවේ
 හෙටයි ඉතින් ක්‍රිස්මස් එක
 අදට මෙහෙම කහට වතුර
 වයින් බොන්නේ හෙටයි ඔන්න


කෝ ගෙනාවෙ නැද්ද අනේ
 මටන් චිකන් බේකන් පෙති
 ගව මඩුවට පිදුරු එහෙම
 ඔච්චර කියලත් ඔයාට


නත්තල් ගහ සරසන්නට
 පුතත් එක්ක දුවත් එක්ක
 ඔයත් ඇවිත් උදව් වෙන්න
 කොහෙද අපිට උස නෑ නෙව
 ගහ මුදුනේ වල්ග තරුව
 වැටෙන්නැතිව එල්ලන්නට


හරක් මරණ දාවිත්ලට
 කලින්ම ඕඩරේ දෙන්න
 අලුත් මස් ටිකක් එතකොට
 ඩැඩීට මට උයලා දෙන්න
 පුළුවන් වෙයි හෙට උදේට


මිසිස් පෙරේරා අරගෙන
 පල්ලි යන්න රෑ දොළහට
 ලස්සන රතු සාරියකුත්,
ඔයාට තමා සල්ලි නැත්තේ
 මටත් එකක් අරන් දෙන්න


අමතක කරලා ආවද
 අත පිහින්න කට පිහින්න
 පේපර් සර්වියට් මිටියත්,
ඒකට නම් මක් වෙනවද
 පරණ බයිබලේ පිටු ටික
 ඉරලා කඩලා දෙකට නවලා
 කට පිහින්න අත පිහින්න
 මේස උඩින් තියලා තියමු


ජේසු බබා ඉපදුනාට
 අපිට මෙහෙම මරු ජොලි නම්
 ස්වර්ගය පැත්තට ගියොතින්
 කොහොමට ජොලියක් තියෙයිද


අද හවසට කහට බීලා
 හෙට දේට වයින් බොමුකෝ!!

Comments

  1. සිරා, සල්ලි එක අතකට නත්තලත් වෙනස් කරනවා බං.

    ReplyDelete
  2. හැමදේම වාණිජකරණය වෙලා නෙව බං.. හෙක් හෙක්
    කවිය මරු හොදේ

    ReplyDelete
  3. නත්තල කියන්නේ නිර්භීත අම්මා කෙනෙක්ගේ දවසක්.
    ගොඩක් ස්තූතියි :)

    ReplyDelete

Post a Comment

Popular Posts