ඒ අපේ විදිහ,


කැරළිකාර කැරළි කෙහෙරැලි අතර,
පොද ගහන වළා කැබලිතිය රැඳුන,
ගෝල්ෆේස් සුලඟකට නතුව,
සරුංගලයකි බැමි ලිහා ඉගිලෙන,


නුඹ කැමති ළා කහ පාට ගවුම,
දිරායන තරමට දුබලය,මහළුය,
ඒත් සුපුරුදු සුවඳකි තැවරුන,
නාසයෙන් නොව, හිතින් පමණක් උරා බැලිය හැකිය!


වැස්ස ගැන වගක් නැති නුඹෙ ඇස්,
පියවෙයි ,යානතම් බරවෙයි පොළවට,
ඈත දුර දියඹට විසිවෙයි,
මගේ ඇස් මඟ හැර,
වළාකුළකට මොනාදෝ මුමුණයි,


වහින කොට මහ මුහුදට,
නපුරු පාටයි හරියට,
ඇහි බැම නුඹෙ එක් වෙන තැන
 වගේමයි නේද අර වැහි වළාකුළු
 දෙක!


තෙමෙයිදෝ කියාලා බය වෙච්ච,
නුඹ බදාගෙන, ඒ මම දුන්න නවල් එක,
 "මළගිය ඇත්තෝ" ලස්සනද,
නොරිකෝ ටිකක් මං වගෙයි, නැද්ද?


දැන් ඉතින් අපි මෙහෙම,
වරු ගණන් ගත කරමු,
අතින් අත අල්ලගෙන,
මුකුත් නොකියම වුනත්,
තනි පාට හීනයක් ගොතමු


ඒ අපේ විදිහ,
මං ආසම!!

Comments

Post a Comment

Popular Posts