බේබද්දාගේ පෙම්වතිය

ගර්ථ පුරවාලමි,නිකොටීන් සිහින ගිනි තියමි,
නුඹ දෙතොල් මත ඇවිද යමි,
හති වැටෙන තැනක,
විඩාපත් කවි ලියමි,


නුඹ එක්ක එකම මධු බඳුන,
හුවමාරු කරගමි,තොලගාමි,
දාඩියෙන් තෙත් වෙච්ච ගොරහැඩි කම්මුළ්,
ප්‍රේමයේ සිපගනිමි,
මුහුදු හුස්මක් පිඹිමි,


වයින් වරුසාවකින් පසු,
ශේෂ වැහි කඳුළු පිසලමි,
සිතමි යලි නොසිතමි,
සිත සිතා නොසිතමි,
පමණ ඉක්මවා ගිය තප්පරයක,
ක්‍රිම්සන් රතු පාට බොර ඇස් වල,
හැකි තරම් පතුළකට වැටෙමි,
රිදුණු තැන් හොරෙන් සඟවාගමි,


ආමාශයේ යුද්ධයෙන් පැරදුන,
වාරයක් වාරයක් පාසාම,
දෝත නුඹ ඉදිරියෙන් පාමි,
ආමලසයම දෝතින්ම වඩමි,


මියදෙමි ටිකෙන් ටික,
බර වෙලා නුඹෙ ලොම් පිරුණු,
දක්ෂිණ විසල් බාහුවට ,
කලියුගය අවසානයට,
අන්තිම තප්පර අරික්කාලට
 ප්‍රථම!!

Comments

Post a Comment

Popular Posts