ආදරේ හරි රස්නේ පාටය

හැමදාම මට වසන්තය
 නුඹ එක්ක මේ බංකුව උඩ
 හීන ඇහිදින වරුව හෝ දෙක
 හරිත හේමලයා යටද
 හිතාමතාම වැරදීමකින්
 කුඩයක් ඉහිලන
 අපිව හරි හුරු ඇති
 මේ බංකුවට
 අහන් ඉන්නත් ඇති
 මම කියන කවි
 නුඹට
 මට පේන ඉසව්වම
 කොළය
 නුඹ ඉන්න තැන
 මගේ වම් උරහිය
 පමණක්ම
 දේදුනු පාටය
 තුෂර තෙතමනයට
 ඇස් ඇරපු තණ බිස්ස
 තාම සංවර පාටය
 මමම විතරක්
 නොගැලපෙන තරම්
 නුඹ ලඟදි
 නොසන්සුන් පාටය
 හැමතැනම තෙත පාටය
 නුඹෙ පෙම් පාට
 හැමතැන ඉහිරෙන පාටය
 ආදරේ හරි
 රස්නෙ පාටය

Comments

Post a Comment

Popular Posts