ජීවිතය



හීනයක් නොවේ,ජීවිතය,විශ්වාසය
 ඉසිවර වදන් ලෙසටම අන්ධකාරය;
දිවැස් කිවිය හැකි ප්‍රභාතයක
 නිරන්තර ඇද හැලෙන සුළු අලුයම් වැස්සක්ය.
බාගද ක්‍රිෂ්ණ වළාවන් පවතින,
නමුදු ඒ සියල්ලම ඇතිව නැතිව යන,
රෝස පුබුදුවාලන්නේ වරුසාව නම්
 අනේ! ඇයි වැලපෙන්නේ වැසි වසිනවට මේ තරම්?
වේගවත්ව ; ප්‍රීතිමත්ව
 ජීවිතේ පසන් සමයන්
 අසලින් තටු සළද්දි
 කෘතඥව,ඔලවරසන් හඬින්
 විදින්න ඒ සමය තටු ලබා ඇති ලෙසින්
මුල් කවිය-Life by Charlotte Bronte

Comments

Popular Posts