අමාගේ දිනපොතේ සටහන්..


එකම එක කොළ පාට කොළයක්වත් , එකම එක සුදු පාට මලක් වත් නැති අතු විතරක්ම ඉතිරි වුන කාටවත් හෙවනක් දෙන්න බැරි ඒ ගහ.. ඒ මම... ගොඩාක් දුර , අපි අහලවත් නැති පළාත් වලට ඉගිලෙන කුරුල්ලෝ අත්තක වහන්නේ ආයිත් ඉගිලෙන්න බලාගෙන වග නොදන්නවා නෙමෙයි...ඉගිලිලා යන ආයිත් ඉගිලිලා එන කුරුල්ලන්ට නවතින්න කියන්න බැරි තරම් දැන් වෙහෙසයි...කාලය කියන්නේ කොයිතරම් දේවල් ආපස්සට ඇදලා දූවිලි කරන්න පුළුවන් බලයක්ද...

ඝන කළුවරේ වුනත් කිසිම පන්දමක ක්ෂුද්‍ර එළියක්වත් නැතිව පතාක හෙවනැලි හිස ඔසවගෙන වතුර කොච්චරක් වත්කරත් නිශ්ඵල මම දිහා හිස් බැල්මකින් බලන් ඉන්නවා දැනෙනවා...මම මුල් ඇදපු ආර්පිකෝ මෙට්ටය උඩ මුනින් තලා වැටුන කියවලා ඉවර නැති කෙටි කතා පොත හුස්ම ගන්නවා...ඒ හුස්ම ගන්න සද්දේ එක්ක එකතු වෙන මඳුරු කුණුකුණුව කම්බෙරය උඩ වැදෙන හී විදුම් රිදවුමක්! දැනෙන නොදැනෙන වුනත් නොසළකා අතහරින්න අමාරු..
දන්නවද..පර්ශු කූඩුවේ මතක එකමත එක ඇතිල්ලිලා ඇවිලිච්ච ගින්න ලැව් ගින්නක් තරම් විසල් වෙනකොටත් කාටවත් පේන්නේ නැති වෙන්න හංගගෙන ඉන්නවා කියන එක අමාරුයි...ඒ ගින්න ඇට මස් ලේ ගිනි තියාගෙන නැගෙනවා...මට තියෙන්නේ ශුද්ධ ගින්නෙන් පිච්චෙන්න...
මිනිස්සු ඇහිපිය ගහන ඉක්මනට වෙනස් වෙනවා...ඒක වෙනස් කරන්න බැරි වෙනස් වීමක් බව දන්නවා... ප්‍රේමයත් පලතුරු යුෂ වගේ පල් වෙනවා...සමහරක්විට වයින් වෙනවා..සමහරක්විට විනාකිරි වෙලා නතර වෙනවා...දැන් මගේ වටා පැවතුන හැමදේම විනාකිරි වගේ වාෂ්ප වෙලා ආකහේට එකතු වෙලා ඉවරයි..

ආයෙත් කවුරුහරි එනවා නම් අලුතින් හැමදේම පටන් ගන්න...ලෝකයම එක සැරේ නවත්තලා අලුතින්ම පටන් ගන්න.. අන්න එදාට පුළුවන් වෙයි කොළ පිරුණ මල් පිපුණ ගහක් වෙන්න!!

Comments

  1. ආදරය කියන්නෙ මහ පුදුම දෙයක්. හමුවීම සොඳුරුයි. වෙන්වීම ඉඳිකටු දසදහසකින් පපුව සිදුරු කරන තරම්ම වේදනාත්මකයි. අපි මේ සන්සාරෙ මොනතරම් වාරයක් ආදරෙන් පැරදිලා ඇතිද? මට හොඳටම විශ්වාසයි. ආදරෙන් දිනපු වාර වලට වඩා පැරදුණු වාර වැඩියි.

    ReplyDelete
  2. මේක තව ටිකක් දික් කලානම් හොද කතාවක් කරන්න තිබ්බා.

    ReplyDelete
  3. දිනපොත් කියන්නේ වසන්තය ගැන පමණක්ම ලියන්න තියන දේවල් නෙවේ...වසන්තය ආපු දවසට කොළයක් නැති ගස් ගැන ලියපු සටහන් තියෙන්න ඕනේ නිවිහනැල්ලේ කියවන්න...

    සටහන සුන්දරයි මල්ලි...

    ReplyDelete
  4. //ලෝකයම එක සැරේ නවත්තලා අලුතින්ම පටන් ගන්න.//

    ටිකකට නවතින්න කියලා මමත් ඊයේ ලිව්වා :)

    ReplyDelete
  5. Jeewithee weelila gihin .. eeth niyangeta adaree wena tharmata wessata baya wela iwarai . Nidi marana jeewitheekui , baageta liyapu kavi godakui ,nahara wel midena tharam seethalakui witharai ithuru . Hadawathaka basha therenne e bashawa danna kenkta witharai . Obe bashawa mama kiyewwa . Eya nam yatharthaya eeka harima pirunu hiskamak , nethi nam his prabhandayak.

    ReplyDelete

Post a Comment

Popular Posts