දුලබ හදවත්ႄ

හීනි දුබල එළියක් විහිදුවන
පේන දුර අහසේ මුල්ලක තනිවුන
සීනි ඇටයක් තරම් තරුවකි
කල්පයකටත් ඉහතදී මියගිය,
නමුදු තවමත් නිවෙන දැල්වෙන,!


ප්‍රේමය මියගියද
ඇතැම් දුලබ හිත් ඇත
මියැදි තරුවක් මෙන්
මළ ප්‍රේමයෙන්
නොනවත්වාම
නිවි නිවී දැල්වෙන!

Comments

Post a Comment

Popular Posts