යුද්ධය හා අප්පච්චී
මම උකුළු පරිගනකය සමඟ කොතෙක් වෙලා දබර කරමින් සිටියද හෙට බාරදිය යුතු ලිපියේ වැඩ එලෙසම ඉතිරි වී ඇති බව දැක සුසුමක් හෙලමි... නිදිමත නොමැති වුවද දැඩි වෙහෙසක් දැනෙයි..දෑස් රිදුම් දෙයි..මම ආයාසයෙන් තව අකුරක් දෙකක් අමුණා ලිපිය අවසන් කිරීමට උත්සහ කරමි...නමුත් අප්පච්චිගේ කාමරය දෙසින් කැස්සක හඬක් ඇසෙයි..මේ සියල්ල නවතා මා ඔහු කරා යා යුතුව ඇත...ඔහුට වතුර වීදුරුවක් බොන්නට දිය යුතුය...කැස්ස දිගටම පවතී නම් ආනනක ප්‍රතිකාරකය ලබාගන්නා මෙන් පැවසිය යුතුය...
අප්පච්චි නිදා සිටින්නේ මගේ කාමරයට යාබද කාමරයේ වීම මට පහසුවකි..අම්මා නංගීගේ කුළුඳුල් පුතුව බලා කියා ගැනීමට ගිය දා සිට අප්පච්චීද මමද මහ ගෙදර තනි වුනෙමු...මම එතරම් කතා බහක් නොමැත්තෙක් නිසාද අප්පච්චීද කතා කලේ උවමනාවකට පමණක් නිසාද ගෙදර නිහඬ බවින් තෙත්ව පැවතුනි..අප්පච්චී නිතර පොත් කියවන්නෙකි...ඒ නිසාම අප්පච්චී වෙනුවෙන් හැමදාම අලුත් පොතක් මිලට ගැනීමට මට සිදුව ඇත...ඒ පොත් අප්පච්චි කියවා ඉවර වුනු පසු මමද කියවා පරිස්සම් සහගතව රැස් කළෙමි..
මම අප්පච්චිගේ කාමරයේ විදුලි පහන දල්වමි..
මා කාමරයට යන විටද අප්පච්චී අවදිව සිටියි..මම අප්පච්චිගේ ලියන මේසය මත ඇති මැටි ගුරුලේත්තුවෙන් අශෝක වීදුරුව පුරවා ඔහු අතින් තබමි...ඔහු එය බොහෝ ශාන්තව පානය කළ පසුව වීදුරුව මා අතින් තබයි...
"පුතා නිදි නැද්ද තාම...දැන් එළි වෙන්න ලඟයි නේද? "
"නෑ අප්පච්චි...ඔෆිස් එකේ වැඩ වගයක් කරන ගමන්...අප්පච්චි නිදා ගන්න"
අප්පච්චී දකුණු ඇළයට හැරී නැවත නිදන්නට සැරසෙයි... එලෙස සිටින විට ඔහුගේ පපුවේ වම් පෙදෙසේ පැරණි තුවාල කැළල හොඳින් දිස් වෙයි...මම ඒ දෙස මොහොතක් බලා සිට විදුලි පහන නිවා දමමි...
*******************************************
අම්මා පිස්සු බල්ලෙක් කාලා මැරිලා යනකොට ලොකුම නංගිට පහළොවයි...මට කියලා ලොකු වයසක් නෑ...මට දාහතක් ඇති...අම්මා මැරුණාට පස්සේ ගෑනු දරුවෝ තුන්දෙනෙක්ගේ බර පැටවුනේ තාත්තාගේ කරට...ඒ බරින් තාත්තා කුදු ගැහුනා...අපි බලන් ඉන්දැද්දිම අපේ ජීවිත රබර් ශීට් රෝලේ දාලා අඹරනවා වගේ ඇබරෙන්න ගත්තා...ලොකු නංගි සා\පෙළ කරාට පස්සේ ගෙදර නතර වුනේ අපිට කන්න බොන්න හදලා දෙන්නවත් මොකෙක්වත් හිටියේ නැති නිසා...අප්පච්චිට පවුලේ බර දරාගන්නම බැරි වෙන හැටි බලාගෙන ඉන්න බැරි නිසයි මම ආර්මි එකට බැඳෙන්න තීරණය කලේ...
මම ආර්මී එකට බැඳෙන්න යනකොට නෑයෝ කිව්වේ " ඔන්න අපෙනුත් දැන් බිලි බෝයි කෙනෙක් ඉන්නවා" කියලා... තාත්තාට යන්න එපා කියන්න ඔනිකම තිබ්බාට ඒක කියන්න වචන අහුලගන්න අමාරු වුනා... අන්තිමට මම සාමාන්‍ය සෙබලෙක් විදිහට හමුදාවට බැඳුනා..

අප්පච්චිගේ කාමරයේ දොර වසා නොදැමීමට මම තීරය කළෙමි.. සමහරවිට ඔහුට නැවත කැස්ස පැමිණිය හැකිය...එවිට මා ඔහු කරා යා යුතුය...ඔහු එය මගෙන් බලාපොරොත්තු නොවූවද මම ඔහු කහිනවාට පවා දැඩිව බිය වීමි..
මම මගේ කාමරයට ගිය වහාම ලිපිය ලියා අවසන් කළෙමි.... කළ යුත්ත නම් දැන් නිදා ගැනීම වුවද නින්ද අහලකටවත් නොපැමිණෙයි..
මම එරමිණිය ඔතාගෙන ඇඳ මෙට්ටය මත යෝගී ඉරියව්වෙන් සිට දුරදොඩනයෙන් වත් පොතට එබෙමි..
"යුද්ධය දිනුවෙ අපි"
"යුද්ධයේ සැබෑම වීඩීයෝ පටි නැරඹීමට මෙතන ක්ලික් කරන්න"
"යුද්ධ කළාට පව් සිද්ද වෙන්නේ නෑ...රට ජාතිය වෙනුවෙන් මිනී මැරුවාට පව් නෑ"
මේ වත් පොතේ දිගට හරහට හුවමාරුව ඇති පෝස්ටරයන් වෙයි...මම දිගු හුස්මක් ගෙන දුරදොඩනය අක්‍රීය කර නිදා ගැනීමේ ව්‍යායාමය් සැරසෙමි..

මගේ තරුණ කාලයම දිය වෙලා ගියේ යුද්ධෙත් එක්ක...මාස ගණන් බූට් සපත්තු ගලවන්න විදිහක් නැති නිසා කකුළ් කුණු වෙලා නියපොතු බොල් වෙලා තිබ්බෙ...අදටත් ඒ නියපොතු වැවෙන්නේ නෑ...ඇඟටම ඇලිච්ච යට ඇඳුම් සමහර දවස් වලට මාස ගණන් ඇඳන් ඉන්න සිද්ද වෙනවා...ඇත්තටම ඒ දේවල් හරි සුළු දේවල්...මොකද ජීවිතය ගැන කිසිම විස්වාසයක් නැතිව ඉන්න මිනිහෙක්ට කකුළ කුණු වෙලා යන එක බරපතල කාරණා විදිහට පේන්නේ නෑ...
මගේ ලොකු පුතා නෝනාට ලැබුනේ මම වව්නියවේ ඉන්නකොට...පුතා ලැබුණා කියන ආරංචිය ලැබෙන කොටත් මම හිටියේ බංකරයක් අස්සේ දෙකට තුනට නැවිලා...දුව ලැබෙන කොට මම කිලිනොච්චියේ හිටියේ...ඒ දවස් වල සාම සාකච්චා තිබ්බ නිසා එච්චර කළබල තිබ්බේ නෑ...ඒත් සමහර දවස් වලට රෑට මල්ටි බැරල් දේවතා එළි වගේ අපේ බංකර් උඩින් පියෑඹුවා...ඇත්තටම යාපනේ කෝවිල් උඩින් දේවතා එළි යනවා මම දැකලා තියෙනවා..ඒත් ඒ දෙවියන්ට මහ පොළවේ මිනිස්සුන්ව පෙනුනේ නැති වග විස්වාසයි...

උදෑසන අවදිවන විට දහවල් වී තිබුණි...කාර්යාලයට යෑම අද අනිවාර්යය නොවුන නිසාත් ඊයේම ලිපිය විද්‍යුත් තැපෑලෙන් ප්‍රධානියාට යැවූ නිසාත් තව ස්වල්ප වේලාවක් ඇඳේ එහාට මෙහාට පෙරළීමට වැය කිරීමට සිතමි...දොරට කවුරු හෝ නිය පිටින් පහර දෙනු ඇසෙයි..
"මම එන්නද?"
"එන්න අප්පච්චි මම ඇහැරලා"
අප්පච්චී කාමරයට පැමිණෙන්නේ තේ කෝප්පයක් සමඟය... ඔහු මා අත කෝප්පය රඳවා ඇඳ විට්ටමට බරවී ඉඳගනියි...
"පුතා අද ඔෆිස් යන්නේ නෑ?"
"නෑ අප්පච්චි..."
"මම උදේට කන්න ඉදිආප්ප හැදුවා"
"කිව්වා නම් මම ගෙනත් දෙනවා නෙහ්...ඇයි අපි කියන දෙයක් අහන්නේ නැත්තේ...මහන්සි වෙන්න හොඳද ඔහොම"
මම තරහක් මවාගෙන කියමි..ඔහු සැහැල්ලුවෙන් සිනහසී පිටව යයි...දුරදොඩනය මම නැවත පණ ගන්වමි..එය පණ ගැන්න වූ වහාම කෙටි පණිවිඩයක් පැමිණෙයි..
"නැවත කොළඹ බෝම්බයක් පිපිරෙයි..2009 ජයග්‍රහනය වතුරේ"
මම දුරදොඩනය පසකට වීසි කර නාන කාමරයට යමි..
***********************************
අපිට ඇටෑක් කරන්න එන කොටි ගොඩක් වෙලාවට පොඩි එවුන්...සනයිඩ් කරලක් යන්තරයක් වගේ එල්ලගෙන උන්ට වඩා ලොකු තුවක්කුවක් උස්සගෙන උන් එන්නේ ඇත්තටම මොනා ගැන දැනගෙනද...මට උන්ව දැක්කාම මගේ දරුවෝ දෙන්නා මතක් වෙනවා...උන් , අපි හැමෝම යුද්ධ කලේ මරණයේ කරට අත දාගෙන...වඩාත් ඉක්මන් වෙච්ච කෙනා බේරෙනවා...අනිත් අය මැරෙනවා...පාංශකූලය දෙන්න කියලා ඉල්ලන එක මළමිණියක්වත් මම දැකලා නෑ...ඒත් මැරෙන්න පණ අදින සමහර කොල්ලෝ තමන්ගේ ළමයින්ව එක පාරක් හරි දකින්න ඔනි කියලා ඉල්ලනවා නම් අනන්තවත් දැකලා තියෙනවා...
මගේ පොඩි එවුන් දෙන්නට ඇති තරම් ආදරේ පෙන්නන්න මට ලැබිලා නෑ...උන් පුංචි කාලේ මාව දැක්කාම බිල්ලෙක් දැක්කා වගේ ඈතට දුවනවා...එතකොට හිතට දුකයි..උන්ට මං ගැන අමතක වෙලා යාවිද කියලා මට බය හිතුනාම බාග වෙලාවට හිත වෙඩි බෙහෙත් වගේ පත්තු වෙනවා...යුද්ධය කියන්නේ ඉවරයක් නැති සංසාරේ වගේ..පටන් ගන්න තැනක්වත් අවසානයක් වත් දකින්න බෑ...
එක දවසක් කොටි කෙල්ලෙක්ගේ මළ කඳක් බල්ලෙක් පහුරු ගානවා දැකලා අපි වළදාන්න හැදුවා...එතකොට තමා දැක්කේ ඒකි ගේ පපුවට තුරුල් කරන් හිටපු දරුවෝ දෙන්නෙක්ගේ පින්තූරයක්...උන් අපි කියලා වෙනසක් නෑ අපි හැමෝම එකම බෝට්ටුවේ වග තදින්ම දැනුනේ එදා...අපි කාගේ හරි රූකඩ වගේ...වෙනසකට තියෙන්නේ අපිට පඩියක් ගෙවන එකයි උන්ගෙන් බලෙන් වැඩ ගන්න එකයි විතරයිද මන්දා...
**********************************
අප්පච්චී සාදා තිබූ ඉඳිආප්ප සහ පරිප්පු හොද්ද නිසා ඉස්මුරුත්තාව වන තෙක්ම පාතරසය වැළඳුවෙමි..ඔහු පාතරසයෙන් පසුව පදක්කම් ආදිය දමා ඇති කැබිනට්ටුව දෙසට යයි..මමද ඔහුගේ පියවර අනුගමනය කරමි...
"අප්පච්චි ආයිත් කොළඹ බෝම්බයක් පිපිරිලාලු..ආයිත් පටන් අරගෙනවත්ද මන්දා යුද්ධේ"
අප්පච්චී නිහඬව ඔහුගේ තිස්තුන් වසරක හමුදා සේවයේ පදක්කම් දෙස බලා සිටියි..
පසුව සෙමින් උගුර පාදයි..
"යුද්ධය කියන එක වෙඩි තියලා , බෝම්බ ගහලා නවත්තන්න පුළුවන් කමක් නෑ...යුද්ධය පටන් ගන්නේ මිනිහෙක්ගේ හිත ඇතුළෙන්...එහෙම හිත ඇතුළෙන් පටන් ගන්න යුද්ධය නවත්තපු දාකට යුද්ධය නැවතෙයි...."
අප්පච්චීගේ මුහුණ අඳුරු වෙයි...පපුවේ ඇති තුවාල කැළල වෙඩි ලකුණක් බව මම අසා ඇත්තෙමි...ඔහු එය සෙමින් පිරිමදියි..තවමත් එහි උණ්ඩය සිරව ඇද්ද?
ඔහු නැවත උගුරේ රැල් බුරුල් හරියි..
"පුතා හිතන්නේ මේ හැම යුද්ධයක්ම පටන් ගන්නේ එක එක හේතු නිසා කියලද..නෑ...හැම යුද්ධෙකටම තියෙන්නේ එකම මූලයයි...ඒක හොයාගන්න පුළුවන් වුනත් ඒක හොයා ගන්න මිනිස්සුන්ට ඔනිකමක් නෑ...මිනිස්සු යුද්ධය නිසා මැරෙනවා වගේම මිනිස්සු සමහරක් යුද්ධය නිසා ජීවත් වෙනවා...ඉතින් මූලය හොයන්න මිනිස්සුන්ව පොළඹවන්න මිනිස්සුම බයයි..මිනිස්සුන්ගේ ස්වභාවයක් ඒක"
අප්පච්චී මිදුලට යන්නේ දෙමළ ගීයක් කියමින්ය...ඇත්තටම ඒ පොදු මූලය කුමක්ද?

+++++++++++++++++++
ReplyDeleteමං හිතන්නේ මේක කියවපුවම දැනෙන හැඟීම් අකුරු කරන්න වචන මදි.
ReplyDelete"මිනිස්සු යුද්ධය නිසා මැරෙනවා වගේම මිනිස්සු සමහරක් යුද්ධය නිසා ජීවත් වෙනවා...ඉතින් මූලය හොයන්න මිනිස්සුන්ව පොළඹවන්න මිනිස්සුම බයයි..මිනිස්සුන්ගේ ස්වභාවයක් ඒක"
විශිෂ්ටයි !
දැනෙන ලියවිල්ලක්..
ReplyDeleteයුද්දේ විතරක් නෙමේ අමා ජිවිතේ හැමදෙයකම මූලය දැන ගන්න ඒ ගැන හොයන්න මිනිස්සු බයයි.. ජිවිතයේ මූලය යට ගහන්න මොන තරන් දේවල් මවාගෙන තියනවද මේ මිනිස්සු...
ReplyDeleteහැමෝටම ගොඩක් ගොඩක් ස්තූතියි <3
ReplyDeleteOyaage writing superb!! Harima siyum widiyata hadawathata danenna liyala tiyenawa💖💖💖💖💖💖💖💖 Harima lassanai
ReplyDelete