දැනෙයි මට තදින්


දැනෙයි මට තදින්
මද සුලඟකට හසුව
පරව ගිය රෝසමල් දුගඳ

අඩ ශතකයක් ඉපැරණි
වියන ලද කොස් හාන්සි පුටුව,
තාත්තා ආයුසංස්කාරය
අතහැරිය තැන එතනය,
අද ඉතිරි  ගොළු වුන ගොළු නොවුන
බුලත් කෙළ කහට පැහැ තැවරිච්ච
අලස තර ගුප්ත සෙවනැලි පමණය!!

කොළ පාට සමර ගෑ බිත්තියක
කටු නතර වී මකුළු දැල් බැඳුන
ඔරලෝසුවකි අම්මා!!
ආපස්සට ජීවිතයේ දුවයන
අපිව මඟහැර අතීතයේ සැඟව ගිය,
සිනහවක් පිසියි ඇය
ගොම ගෑ ගල් තුනේ ලිප මත
පාතරසය පිණිස!

ඇසෙයි මට හොඳින්
කාලයේ මන්ද්‍ර ස්වර හඬ
තත් සිඳුණ වෙණ බඳින්
විටින් විට

Comments

  1. ඇසෙයි මට හොඳනි්

    ReplyDelete
  2. අපූරු නිර්මාණයක්.

    ජයවේවා!!!

    ReplyDelete

Post a Comment

Popular Posts