අමාගේ පිස්සු සටහන්


අමාගේ පිස්සු සටහන්



කාලය කියන්නේ දැළකින් , එහෙම නැත්නම් තාප්පයකින් නතර කරලා තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි...කාලය එක දිගට එක දිගට හමාගෙන යනවා...එහෙම හමාගෙන යන කාලයේ සමහරක් නැවතුම් වලට මිනිස්සු විශේෂ නම් දෙනවා...අලුත් අවුරුද්ද,පොය නිවාඩු,නත්තල්,හජ්ජි වගේ නම් ඒ නැවතුම් වලට දාන්නෙත් මිනිස්සු....මිනිස්සු කාලයත් එක්ක සුහද ගනුදෙනුවකට පාරවල් හොයන්නේ එහෙමයි...

මම ඒ ගනුදෙනු කරන විදිහට කැමතියි...ගස් වැල් පවා  සෘතු වෙනස් වෙනවාට  සංවේදියි..ඒ සොබාදහමත් නිතරම වෙනස්වීම් වලට තියෙන කැමැත්ත නිසා...ඉතින් සොබාදහමේම කෑල්ලක් වෙච්ච මිනිස්සු වෙනසක් හොයන එක පුදුමයක් වෙන්න දෙයක් නෙමෙයි...ඉතින් දවස් 365කට සැරයක් එන මේ වගේ දවස් වලට මම කැමතියි...

ජීවිතේ සැලසුමක් නැතිව අහම්බෙන් වගේ  ගොඩ වෙලා මුළු ජීවිතේම වෙනවා නම් කවුරුම හරි, ඒ ආදරේ නිසාම විතරයි...ආදරේ කියන්නේ දෙන්නෙක් අතර ඇතිවෙන මනෝමය බන්ධනයක්...කවදාවත්ම දකින්නේ නැතිව වුනත්,කොච්ච්හර දුරක හිටියත් ආදරේ පවතිනවා...ආදරේ පැවැත්ම කිසිම දෙයක් නිසා පළුදු වෙන්නේ නෑ...මරණයටවත් ආදරේ යටත් වෙන්නේ නෑ..

සම්පූර්ණ අවුරුද්දක් ගෙවිලා ගිහින් අලුත්ම කැලැන්ඩර් කොළයකින් තවත් අවුරුද්දක් පටන් ගන්න වෙලාවේ, තමන් ආදරේ කරන කෙනා එක්ක ඉන්න ලැබෙන එක වාසනාවක්...ඒක අකුරු වල හිර කරලා දාන්න බැරි තරම් ලස්සන හැඟීමක්!!කොහොමත් හැඟීම් වචන කළාට වචන වල දැවටෙන්නේ හරිම චුට්ටයි..


ගිය අවුරුද්දේ  මගේ තටු ගලවගෙන ගියපු කෙනෙක් මේ අවුරුද්දේ මගේ තටු ආයිමත් ගෙනත්     දුන්නා...අහස දිහා බලන්නත් බයෙන් හිටිය මට වළාකුළු ගැන තරු ගැන ආයිමත්  මතක් කරලා දුන්නා...තුංග කඳු පාමුළක තනියම හිටිය මට අත්වාරුවක් හම්බවුනා...


සියවතාවකට වඩා එපා කියලා අතහැරියාට සංසාරේ පුරුද්දට වගේ ආයිමත් ආයිමත් ඔනි වෙන්නේ ආත්ම ගාණක්ම එකට ඉන්න ආපු අය කියල මම කියවලා තියෙනවා...ඉතින් මේ තටු ඔයාවත් උස්සගෙන පියාඹලා යන්න හයිය ඇතිවෙයි නේද....

Comments

  1. ප්‍රාර්ථනා කරන ආදරය සැමදා ළඟ රැඳේවා...සියලු පැතුම් ඉටු වන සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  2. සත් සෙනෙහසක තුටු මල් නිති පිබිදේවා
    සිත් අහසක හිරවුණු පෙම ළංවේවා
    මත් වුණු සසර පෙම නැවතත් නොමියේවා
    අත් තටු සලා එය රැකගණු ජයවේවා......

    ජයවේවා!!!

    ReplyDelete
  3. හැකිතාක් ආදරය කරන්න...හැකිතාක් ආදරය විඳින්න.

    ReplyDelete
  4. අමාගෙ හීන කියවන්න ඔන්න මමත් එනවා....සුබ නව වසරක් ඔයාට

    ReplyDelete

Post a Comment

Popular Posts