නොනැසී පවතිය


ඇතැම්විට ප්‍රේමය
අතු අතර පිපෙයි
සුවඳ දී ටික කලක්
පරව බිම ඇද වැටෙයි!


සොඳුර එනමුදු
මගේ ප්‍රේමය විසල්
මුදුන් මූලයක් මෙන්
දිනෙන් දින පොළෝ තුළ
ගිලී සැඟව පවතියි.


නුඹ වටා
මූල කේෂයක්ව හෝ
නිරතුරුව පවතියි..


සොඳුර
ප්‍රේමය සියවසක් හෝ
ඊට පසුවත්
මා තුළම
නොනැසී පවතියි

Comments

Post a Comment

Popular Posts