පිප්ඵලී අවසරද


"එහෙයින් කුමාරයාණන් වහන්ස, ඉදිරි පසැ වම් අතට වූ මහ මාවත දිගේ මම ඉදිරියට යන්නෙමි. ඔබ තුමාණෝ දකුණු දෙසැ වූ මාවතින් ඉදිරියට යත්වා!!එසේම අවසන් වරට....."
-මහා කාශ්‍යප හාමුදුරුවෝ-



කප් සියක් කල් පසු කළෙමු
තෙමංසල් දෙමංසල් එක්ව
මෙයයි අන්තිම මංසල
අතහැරිය යුතුය ඔය දෑත..

වෙහෙසය මට,
ඔසවාගෙන පැමිණ
නුඹෙ විසල් ප්‍රේමය,
භවයෙන් භවයට නොවෙනස්ව,
ඉතින් පිප්ඵලී අවසර,
බිම තබන්නට
නුඹේ හදවත.

මෙතැන් සිට අපි දෙදෙන,
දෙමඟක යා යුතුය,
සංසාර උගුල සිඳ
නිර්වාන කොදෙව්වට
තටු ගසා ඉගිල යා යුතුය.


පිප්ඵලී අවසරද
නික්ම යාමට ප්‍රථමව
එක වරක් නුඹ වටා
ඉපැරණි සුලඟක්ව
හමන්නට!

Comments

Popular Posts