සොඳුර

බීර මල් සුවඳ නුඹෙ දෙතොලඟ
 සානුවකි ප්‍රේමයක් නතර වුන
 තනුවකට ගැහෙන නුඹෙ පපුව මත
 අතරමන් වෙච්ච තනි ස්වරය මම


කදෝපැණි තරු කඩා වැටෙන තැන
 සෘතුවකි නුඹ අමාවක රැයක
 ඇස් පියාගෙන කඳුළු ගුලි කරන
 අහිමි බව ඇතුළේ හිමිකම් සොයන


මේඝයක් විලස හිමගිර සිඹින
 නුඹ මතම හැපිහැපී ඉදින්නට
 කල්පයක් දෙකක් ඊටත් වැඩිය
 කාලයක් මම බලා ඉමි සොඳුර

Comments

Post a Comment

Popular Posts