නතාෂා

ගන්ධබ්බ ආදරේ නොනැසෙනා නුගැසුමක,
තිගැස්සි ඇහැරෙනා ස්වප්නමය ඇසිල්ලක,
තෙතම හියුමස් අතර,අතහැරුණු වසන්තය,
සොයන්නට මා එක්ක නතාෂා එන්නැද්ද,


ගිනිතියා ගත්ත හිම පතුරු මත හැපෙන්නට,
දකුණුදිග පසස් හුස්මකට හැක මිදෙන්නට,
නිල් පාට ඇස් වලින් සිහින ඉහිරුවන්නට,
නතාෂා හිනහෙන්න හැමෝටම රිදෙන්නට

කොපර් පැහැ කෙස් අතර මින්ට් සුවඳක් මුසුව,
මගෙ උරට බර වෙලා මුවින් ගොළු වී ඉන්න,
දිනෙක අත්තටු ගසා සමකයේ දූවකට,
නතාෂා එනවාද මා එක්ක පියඹන්න

Comments

Post a Comment

Popular Posts