පළමු පෙම

කාලයකට කලියෙන් දවසක
 නොවැම්බරයක හෝ දෙසැම්බරයක
 පාසි බැඳුණ තෙත් බංකුව උඩ
 අපි හිටියේ පොඩි කුඩයක හෙවනක
 හිතා ගන්නට බැරි තරම් වැස්ස , ඒ දවස,
නුඹ ඉහිලපු සුදු මල් කුඩය යට
 මම හිටියේ තියාන හිස, නුඹෙ උරහිසෙ කොණක


"මේ තරම් වැස්සත් මෙහෙට
 හිරිකඩ විතරමයි වැටෙන්නේ අපිට
 උණුහුමයි ඔයාගේ අත"
අල්ල ගත්තේ තද කරගෙන
 ඔයා මගේ දකුණු අත,
හරි තදට, රිදෙන්නේ නැති වෙන්න හෙමිහිට,
වම් අතින් මම ඇල්ලුවේ පිනි කැට,
අකුණකට බය වුන , ඇඟිලි කරු අතර සැඟවුන


"මේ බලන්න මගේ උකුළට
 ගහගෙන ආපු මල
 කහ පාට වුනාට ලස්සන
 ඇහැල නම් නෙමෙයි මේ මල",
පරිස්සමට වැඩියා මල
 අත් බෑගයේ හිටපු
"පළමු පෙම" නවකතාවෙ මැද පිටුවට


නුඹ හිනා වෙනකොට බලාගෙන අහස,
දැක්කේ නෑ මං හිනා වෙන හැටි ,මල එක්ක


අද,


තාම මහ වැස්ස
 මතක නැහැ දැන් මට
 බංකුව තිබුණ තැන හරියට
 තාම ඒ මල
"පළමු පෙම" පොතේ හරි මැද
 පැරණි පැහැයක් අරගෙන


නොවැම්බරයක හෝ දෙසැම්බරයක
 මල් තියෙන්නේ මතක වල පමණය,
ඒ මතක "පළමු පෙම" හරි මැද, තාම සුවඳය

Comments

  1. නොවැම්බරයක හෝ දෙසැම්බරයක
    මල් තියෙන්නේ මතක වල පමණය,
    ඒ මතක "පළමු පෙම" හරි මැද, තාම සුවඳය"

    හිත කියවලා ලිව්වද මන්දා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ශානු අක්කෝ :*

      Delete
  2. ලස්සනම ලස්සනයි........... ඇත්තමයි...........

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ආර්යන් :)

      Delete
  3. පළමු පෙම කවදත් මිහිරියි, සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. පළමු පෙම හැමදාම හදවතේ ඉතිරි වෙන :)

      Delete
  4. හරිම ලස්සනයි අමා.....ඒ අතීත මතකයෙ කතාව පද කිහිපයකට ගලපලා තියන විදිහ නම්.....මටත් එහෙම දුක හිතුණු අතීතයක් තිබ්බ නිසා කවිය ගැන ගොඩක් සංවේදී වුණා.

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම අතීතයේ පළමු පෙම සංවේදී මතක ඉතිරි කරනවා...ගොඩක් ස්තූතියි :)

      Delete
  5. ලස්සනයි අමා. කවදත් සුවදයි පළමු පෙම..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි :) අපි හැමෝම පළමු පෙමට සංවේදියි :)

      Delete

Post a Comment

Popular Posts