සමා අවසර..


බෝ මළුවෙ අතැර ගිය හුස්ම
 බෝ පත් පයට පෑගෙන , නොපෑගෙන
 පැන් කළය දෑතින්ම අරගෙන
 හත් වරක් යන්නටයි සැරසුනේ මම
 බෝධින් වහන්ස..


පළමු වටය යන විටදි
 අසුරු සැනකින් කපුටු වසුරු
 අහසෙ සිට වැහි දියක් විලසට
 අනූනවයෙන් බේරුනා මගෙ ඔළුව
 තිගැස්සි පැන් කළය වුව
 ටිකක් විතර , වැමෑරුවා වතුර, වැලි මළුවට
 බෝධින් වහන්ස...


දෙවනි වටය පය තබා
 ලිස්සෙයිද ලිස්සෙයිද හිතමින්
 මුවින් බුදු ගුණ හිතෙන් දුක් ගිනි කියමින්
.......................
ඒ නම් ඔහුමය,නිතර ආව ගිය(සිහිනෙන් පමණක්ම)
සුදු අත් දිග බැණියම,මං අරගෙන දුන්න
 කාලයකට කලියෙන්(තාමත් ඒ ගානමයි..පුදුමයි!)


හත් වටය අමතකව
 බුදු ගුණ පැටලිලා ඇද වැටුනි
 බාහුවක එල්ලිලා ඔහුගේ
 තවත් දිග කොණ්ඩකාරියකි,(නංගි නම් නෙමෙයි)
හිතින් අතහැරුනි පැන් කළය
 අතින් අල්ලාගෙන හිටියාට


මා නොදැක්කා ලෙසට
 මඟහැර තරු ලකුණු ඇස් වල
 සුදු නෙළුම් මල් දෙකක්, එදා වගේම
 පූජ කලා නේද ඔහු,
බෝධීන් වහන්ස,


සමා අවසර ඉතින් මට,
හත් වරක් බැහැ යන්න බලාගෙන
 හිත නවාගෙන,නෙත තෙමාගෙන
"වැලි මළුවේ" වැතිරගෙන
 මතක සඟවගෙන මට
"කායේන වාචා" කියන්න
 මොහොතකට අන්ධ කරන්න( ඔහු පිටවෙනකන් විතරක්ම මළුවෙන්..)

Comments

  1. ( ඔහු පිටවෙනකන් විතරක්ම මළුවෙන්..)///
    මේ ටික ඔන ද නෑනේද මචං
    කවිය නං ගති

    ReplyDelete

Post a Comment

Popular Posts