මගුල් හෝමය

දාස්පෙතියා පෙති අසනි වැසි මැද,
දැවි අළු වෙන සදුන් දර සෑයකට,
ගිතෙල් පහනකට,
ස්තෝත්‍ර ගිගුරුමකට,හැකිවෙයිද
 ප්‍රේමයක් නියම කරන්නට පෝරකයට,පෝරුවකදි,
අග්නි දෙවියන් නාමයට!


පූසාරි හෝමයට නේක මල් ගිනි තියන,
දැවෙන්නට බලකරන සහල් දැලි අගුරු වෙන,
අවශේෂ හුස්මකින් ගිනි අගුරු ඇස් අරින,


මෝහයෙන් දැවෙන,කුලවතාන!
හෝමයක් කිමද,පරපුරක බර
 ගෑනියෙක් කර මතට පටවන්න!
සත්වරක් කියන්නෙම සාපයක් නොවෙද?
ප්‍රේමයක් නැති ගැහැනියක්,
පතිනියක් වෙන එකම,නුඹෙ නමට!


මෙහෙන්දි කහට තැවරුණ මල් දමකින්,
ආත්ම හතකට, සින්නක්කරම,
ලියා කැප වෙනු කෝම,
කුලවතාන!කුලහීන ප්‍රේමයක,
අතර මඟ නිම්බා සෙවන,මම


 ක්‍රිෂ්ණ!
දවාලන්න..
මගුල් මණ්ඩපය..
පැන යන්න මට,
සියලු බැමි බිඳගෙන,
පෙම්බර වෘන්දාවට!

Comments

  1. හෝමය කියන්නේ මොකක්ද මල්ලී....අදත් වෙඩි වගේ ඇමුණුම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානු අක්කෝ...
      හෝමය කියන්නේ හින්දු පූජා විදියක්

      Delete

Post a Comment

Popular Posts