මකරාණ(වියපත්)

වැහිවළා පැහැති දෙතොලින් දුම් පිඹින මකරාණ,


උපැස් යුගලට උඩින්
කහට ගෑ වුනු අහස දෙස
හොරෙන්වත් නොබලන්න.


යෞවනය දිය වෙලා හැමතැනම,
මහළුවිය අද්දර,පිපෙන්නට බැරිද
මදාරා මලක් පරසතු උයනක, කාලයට නොදැනෙන්න  හොරාට,


මකරාණ,බුම්මගෙන නොයිද,
ස්වර්ණමය කෘන්තකය පෙන්නමින්,
වසන්තේ නාඹර ළදල්ලක් මෙන් ,
ඇස් කොණින් හිනහෙන්න(දැන් අමතකද?)


මකරාණ,
වහා නුඹෙ උණු හුස්මකින් දල්වන්න,
නිතර නිවෙන චිමිණිය,
උළුවස්සට හරි කෙළින් තියෙන


ආදරය මගේ "වහා ගිනි ඇවිලෙනසුළු",
පැමිණෙන්න, ගිනි තියන්න මුළු හදවතම


මකරාණ,
සුදු කෙස් අතර මගේ මුව සඟවන්න,
(හිතන තරම් වයසකද අපි)
නුඹෙ පපු මත ඉඩක් මට දෙන්න,


දරුවන් ඉගිලිලා බොහෝදුර,මුහුදුම හතක
පරතරය ,ලේසි පහසු දුරක්ද
අපි විතරක් මහ ගෙදර,
හරි පාලුයි මට,
දුම් පයිපයෙන් ටිකක් මටත් දෙන්න,උරන්න
(මකර කෙළ්ලෙක් වෙන්න)


මකරාණ,
මම තාම නුඹ දුන්න
පළවෙනි හාදු වරුසාවෙන්
තෙතබරිතව,
අකාලික මල් පිපෙන නිම්නයක
කෝ ඉතින් නුඹ?
හාන්සි පුටුවෙන් නැගිටලා පැමිණෙන්න

මකරාණ,දුම් පිඹින
හැන්දෑව, කප්පරක් පාට හැලෙන
එන්න,
අපි තෙමෙමු,
කාලයට පිටුපාලා හිටගෙන


හරිම දිගයිලු සංසාරය,
මට නම් පළලයි,
ඔයාට කොහොමද
උරහිසට බර වෙලා පවසන්න

Comments

  1. Replies
    1. එදා හොඳටම බීලා හිටියා. අද දුම් බොන්න හොයනවා. මොනව වෙලාද මේ අමාට?

      Delete
    2. හී හී කවි මතින් ඉන්නේ..ඒ නිසා වෙන්න ඇති 😃

      Delete
  2. අමාගේ කවි දිෂ්ටිය...ඒවා ගැඹුරැයි

    ReplyDelete
    Replies
    1. ශනු අක්කා දන්නවා මගේ කවි දිෂ්ටිය ගැන ^_^

      Delete
  3. අපූරුයි... මමත් මකරෙක් ගැන ලීව.. කාලකෙට කලිං.. මේක එක්ක බලද්දි ඒක මකද කියල හිතෙනව... පීලී සැජ්ජයි සැජ්ජයි වගේ...
    අපූරුයි කවිය යාළු

    ReplyDelete

Post a Comment

Popular Posts