වෙඩින් පොටෝව

සුදු පාට බිත්තියක
 තනි ඇණයකින් එල්ලී
 වෙඩින් පොටෝව,
එකුන් විසි අවුරුදු නිසොල්මන්,
මකුළු දැල් අතරින් අහම්බෙන් පෙනෙයි


බියපත් මුහුණ,
සායම් ගෑවිලා බොඳවුනු දෑස්,
කළු සුදු සදාකාලික පැහැයෙන් ගොළුව,


ඔහු හා මා අතරින්
 පිපිරුම් කැළැල් ඇත,
සීරුවට බැලුවොතින් පෙනෙන,
හිතෙ කරගැට ඇත,රිදෙන මුත් නොකියන,


"දරුවො නිසා ඉවසමි" තාදී බවුන් වඩමි,
මේ තරම් කටුකය දියණිය!සරණ යෑම
 පිරිමියෙකු හා එකට,
ඉවසීම ගෑනුන්ට එන්නත් කළ යුතු,
විවාහය පරික්ෂාවක් දරුණු,


හොදින් බැලුවොත් පෙනෙයි,ඉතින් නොබලන්න,
ඉරිතැලුණු තැන් හැමතැනම
 මා මෙන්ම දියණියනි!,නුඹත්
 නොදැක්කා මෙන් සිටින්න




මගුල් යහනේ ඇතිරු රෝස පෙති,මියගියේ
 බොහෝ දුක් ලබා නොලැබිය යුතු,
මේ සංසාරය බොහෝ දිගු,
හැමගේම සතුටට ගැහැනිය
 දුකම ඉවසීම තමා රුදුරු,




නැවත පතමිදෝ නොපතමිදෝ
 ඔහුව
 බියෙන් තැති ගතයුතු,


එකුන් විසි අවුරුදු ඇවෑමෙන් පසුව
 සොයමි තාමත් මම
 ඉවසීමෙ සීමාවෙ මෙරුන් පැහැ කටුව,




ඔහු
 වෙඩින් පොටෝවෙ
 ලී රාමුවට කොටුව,
වසන්තයට අත වනන,
මම
 එදා සිට තාම
 බියපත් සිතින් ජීවිතේ
 පළුදු සඟවන


දියණියනි! ප්‍රේමය නම්
 විවාහයෙන් පසු වහකදුරු,
ඉවසීම තමා අන්තිම දරුණු..

Comments

  1. ප්‍රේමය නම්
    විවාහයෙන් පසු වහකදුරු,
    ඉවසීම තමා අන්තිම දරුණු

    ReplyDelete
  2. බදින්න කලින් බැදලා කරන්න තියෙන හැම දේම කරන අපිට බැන්දට පස්සෙවත් බදින්න කලින් කරන්න තියෙන අාදරය හරියට කරගෙන යන්න බැරි හැටියක්....

    ReplyDelete
    Replies
    1. හා හා .. පොඩි ළමයින්ට දැන්ම ඔය කසාද බදින කතා හොඳ නෑ....

      Delete
  3. අමා...., මේ කවිය නම් අතිවිශිෂ්ඨයි.ඉරිතලා ගිය විවාහයක්....අම්මෝ මේවා අහද්දි කසාද භීතිකාව ඇති වෙනවානෙ...බදින්නත් මොකක්ද මොකක්ද වගේ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි...හී හී හොඳද නැද්ද බලන්න ඉතින් බඳින්නම ඔනි :D

      Delete
  4. බදින්න ඕන නෑ...
    ගස් බදිමු ඒක සැපයි.. හිහි
    දැන දැනත් ඔය වලේ නොවැටුණාම ඒකෙ ගතියකුත් නෑ බං
    අගෙයි
    ජයවේවා

    ReplyDelete
  5. ලස්සනයි............. නියමයි............

    ReplyDelete
  6. //ප්‍රේමය නම්
    විවාහයෙන් පසු වහකදුරු,
    ඉවසීම තමා අන්තිම දරුණු..// කතා කරන අකුරු ටිකක්.

    ReplyDelete

Post a Comment

Popular Posts