පවතිමි,!
තෙරක් නොපෙනෙන සයුරක
ක්ෂුද්‍ර දිවයිනක්ව පවතිමි,
විශ්වයේ එක් පුංචි තරුවක
දූලි අණුවක්ව පවතිමි,
දියව යන හිමගිරක නතර වූ
බමුණු නවගුණ වැලක ඇමිණෙමි
මම පවතිමි
නොපවතී යැයි නුඹ සිතන
වාලුකාවක , උණුදිය උල්පතක
බොහෝ සැපසේ පවතිමි
නුඹෙ ප්‍රේමය මා වටා පැවති
ඉපැරණි නම නොදත් සමයකද
ප්‍රේමයේ නටඹුන් ඉතිරි
මේ සියවසේ කෙළවරකද
පවතිමි
නුඹ නිසා ගිලුණු
නැවක කුඹ ගසව පවතිමි
නුඹ අතැර ගිය පසුව
වැලි කැට වලද පවතිමි
නුඹ නොපවතින බව දැනත්
හැර ගිය බව දැනදැනත්
හදේ සීරුම් කැළල තිබුණත්
රිදුම් ඉවසාන මම පවතිමි
ප්‍රේමය සුණුවිසුණු නොවෙන බැව්
මම නුඹෙන් හැඳිනගෙන
නුඹ නමින් උපන්
ප්‍රේමයේ ගිනි කන්දක
හිම පියල්ලක්ව පවතිමි
ඉතින් සබඳ
මම පවතිමි!!
//ඉතින් සබඳ
ReplyDeleteමම පවතිමි!! //
ඔබත් පවතින්න...
ඔබ පැවතෙමින් අන් අයගෙත් පැවැත්ම තහවුරු කරන්න. කිසිදිනක අන් අයගෙන් ඔබේ පැවැත්ම වත් ඔබෙන් අන් අයගේ පැවැත්ම වත් තහවුරු නොකරන්න..
ඒ ගමන කවිත් ලියනවා.
ReplyDelete