මම, ඔහු සහ කිහිපදෙනෙක් (අවසන් කොටස)
ගන්ධබ්බ කළලය-
ගන්ධබ්බයෙක්ට අලුතින් පටන් ගන්න පුළුවන් කියලා හිතන එක නිකන්ම නිකන් හිනා යන්නේ නැති විහිළුවක් විතරයි...හැමදේම කලින්ම සැළසුම් කරලා ඉවර, පිටපත ලියලා ඉවර නාට්‍යක් පටන් ගන්නකන් තියෙන විරාම කාලයක් තමා ගන්ධබ්බ අවධිය...
ඇත්තටම මම ගන්ධබ්බ අවධිය පහු කරලා ඉවරයි...ඒත් ඒ ගන්ධබ්බ මතකයන් මාස තුනක කළලයකට අමතක වෙලා යන්න කාලයක් යනවා...එහෙම අමතක වෙන්න කලියෙන් ඒ මතක අමතකවීම් අවසාන වතාවට මතක් කරන්න කැමතියි...
විශ්වයම ඉලිප්සයක් වගේ...ඒ ඉලිප්සය කාලය කියන සදාතන නීතියට යටහත්ව භ්‍රමණය වෙනවා....ලෝක ගෝලය කැරකැවෙන එක නතර වුනත් කාලය ගෙවිලා යනවා...කාලය ඉවර වෙන්නේ නෑ...ඒ වගේම නැවත ඇති වෙන්නෙත් නෑ..
මගේ පළමු මතකය ආසන්න භවයකින් නතර වෙනවා...ඒ මතකය පටන් ගන්නේ වේදනාකාරි වගේම සර්වසම්පූර්ණ සන්සුන්කමක් තියෙන මරණාසන්න අත්දැකීමකින්....
ඒක වාහන අනතුරක්...මම ( දැන් මම නොවෙන මුත් මම ) හිටියේ සුදු පාට කාර් එකක රෝදයට යට වෙලා...එක පැත්තක දෙකට කැඩිච්ච මගේ මෝටර් බයිසිකලය...හැමතැනම මිනිස්සු...කතා කරන සද්ද ඇහුණාට කතා කරන්නේ මොනවද කියලා තේරුම් ගන්න අමාරුයි..ඒක හරියට කන් බෙරය ලඟ ඉඳගෙන කුටුකුටු ගෑමක් වගේ...
ගන්ධබ්බ මතක යන්නේ අවරෝහණ විදිහට...පහළ සිට ඉහළට...තදබල වේදනාවක ඉඳන් උඩට..!!
ඊට පස්සේ විනිවිද යන්නේ ඡායාත්ම මතකයක්...ඒ ගෑනු රූපයක්...හුරුපුරුදූ රූපයක්...ඒ ලෝෂණි කියලා අඳුන ගන්න අමාරු නෑ...ලෝෂණි අඬනවා...එයා මොනවාද මොනවාද කියනවා...එයා මට කතා කරන්නේ රොමේෂ් කියලා...මට තේරුම් ගන්න පුළුවන් වුනේ ඒ වචනේ විතරයි " රොමේෂ්"..!!
ඒත් මට හැමදේම මතකයි...ලෝෂණි ගැන වගේම එයා අඬන්න හේතුව ගැන...මෙහෙම තෙවනි පාර්ශවයක් වගේ ඒ සිද්ධිය දිහා බැලුවාම මට ලෝෂණි ගැන දුකයි...පසුතැවීමයි...ඒත් ඇයි ඒ වෙලාවේ එහෙම මට නොහිතුනේ ඇයි කියන එක ප්‍රශ්නක්....ඇයි එහෙම දෙයක් කලේ කියලා මම මගෙන්ම ප්‍රශ්න කලත් සාධාරණ හේතු හොයා ගන්න බෑ..ඒ වෙලාවේ මමයි මේ දැන් ඉන්න මමයි දෙකක් කියන්න හොඳම උදාහරණය මේක...මම මාව සාධාරණීකරණය කරන්න වෙහෙසෙන්නේ නෑ...දැන් එහෙම වෙහෙසෙන්න බැරි තරම් දේවල් වෙනස් වෙලා.. දැන් ආත්මයක්ම මම පරක්කුයි...
මට මීට ආත්ම පහකට කලින් මගේ භවයන් ගැන සුළු මතකයන් තියෙනවා..ඒ ආත්ම වල හොඳ නරක ගැන දැනීමක් තියෙනවා...ගන්ධබ්බයෙක්ට තමන්ට සුදුසු මව් කුස තෝරාගන්න අවස්ථාවක් නෑ...ඒක කලින්ම තීරණය වෙලා තියෙන දෙයක්...අපිට තියෙන්නේ නියම වෙච්ච විදිහට ගර්භාශයේ තැම්පත් වෙන්න...
මට ලැබුණ ගර්භාශය ලෝෂණිගේ මව් කුස...ඒ ඇයි කියලා කියන්න, හේතු පහදා දෙන්න තරම් සංසාර ඉලිපසය ගැන අපිට දැනීමක් නෑ...ඒක තමා ස්වභාවධර්මයාගේ තේරීම...මම එකට කැමති වුනත් අකමැති වුනත්..
දැන් මාස තුනක් තිස්සේ මම ලෝෂණි එහෙම නැත්නම් මගේ අනාගත අම්මාගේ කුසේ පෙකිණි වැලකින් එල්ලිලා ඉන්නවා...ලෝෂණිගේ මව් ගුණය කළල බන්ධය දිගේ ලේ වල දියවෙලා මගේ හැම සෛලයකටම විසරණය වෙනවා දැනෙනවා...දැන් මට ලෝකයේ තියෙන ලොකුම ආරක්ෂාව දැනෙනවා....දරුවෙක්ට හොඳම ආරක්ෂාව තියෙන්නේ අම්මාගේ මව් කුස ඇතුළේ!!
ඒත් ලොකය රඳාපවතින්නේ කම්ම නියාමය කියන රේල් පීලි උඩ...ලෝෂණිගේ කුසේ ඉන්න එයාගේ ආදරයට, ලෝකයේ වර්ණ දකින්න බැරි බව ලෝෂණි දන්නේ නෑ...උත්පත්තියෙන්ම අන්ධ වෙලා ඉපදෙන එක තමා මගේ උරුමය...ඒක වෙනස් කරන්න අමාරුයි...ඒක මට විතරක්ම ලැබිච්ච දඬුවමක් නෙමෙයි...ඒක ලෝෂණිට වගේම මගේ අනාගත තාත්තාටත් ලැබිච්ච දඬුවමක්..මට නොපෙනෙන තරම් දුර ආත්මෙක අපි තුන්දෙනාම එකට කර්මයක් කරන්න ඇති..ඒක නිසා මෙහෙම වෙන්න ඇති..ඒක තමා කරන්න පුළුවන් ලේසිම නිගමනය...
තව මාස හයකින් බාගදා මම ආයිමත් අලුතින් ජීවිතයක් පටන් ගන්නවා...ඇත්තටම සිද්ධ වෙන්නේ පරණ ඉලිප්සයේම ගමන් කරන එක...අලුතින් ඇරඹුමක් කියන්නේ පරණ සිද්ධියක කොටසක්...හරියට රොමේෂ් වෙලා හිටිය මම ලෝෂණිගේ දරුවෙක් වෙන්න යනවා කියන එක වගේ...
අන්තිමට හැමදේම හොඳින් සිද්ධ වුනා කියලා කියන්න පුළුවන් සුරංගනා කතා වල විතරයි...මම ඉපදුනාට පස්සේ තව ප්‍රශ්න පත්තරයක් ඇති වෙනවා...ඊට පස්සේ ඒ දේවල් විසදන්න මහන්සි වෙන්න ඔනි...
ලෝෂණිගේ දරුවෙක් විදිහට ඉපදෙනවා එක්කම මට හැමදේම අමතක වෙලා යාවි..මම ලෝෂණිට අම්මා කියාවි...ජීවිතේ පුදුම වෙන්න මීටත් වඩා දේවල් සිද්ධ වේවි...අන්තිමට කියන්න කැමතියි ලෝෂණිගේ කුසේ හෙමින් උස් මහත් වෙන මම ගෑනු කළලයක් විත්තිය...සඳුන් දර අතේ තියාගෙන නෙමෙයි ප්‍රශ්න ගොඩක් තුරුල් කරගෙන එන අන්ධ ගෑනු කළලයක් විත්තිය.....සමහරවිට මේ ස්වභාවධර්මයේ තේරීම තවත් විනිශ්චයක් වේවි...දැන් තියෙන්නේ හැමදේම පිළිගත යුතු කාලය...ප්‍රතික්ෂේප කිරීම් කරන්න ශක්තියක් නැති කාලය...ගෑනු කළලයක් වීම වුනත් සමසිතින් දැරිය යුතු කාලය...ඉතින් හිතහිතා ඉන්න එක වැඩක් නැති වැඩක්..එන්න ලෝෂණි අපි ආයිත් එකට මේ ඉලිප්සයේ ඇවිදිමු!!
පසුව ලියා තබමි-
මේ වගේ දිගට දිගට ඇදෙන කතා ලියන්න කොච්චර කැමැත්තක් තිබ්බත් තියෙන කම්මැලිකම නිසා තවත් මාගලක් වගේ කතාව දිග කරන්නට අදහස් නොකරමි...
ලෝෂණිගේ කතනයෙන් කතාව අහවර කරන්නට හිතුනත් කතාව රවුම් කල යුතුය කියන තැන තදින්ම මම සිටි නිසා මේ අවසන් කොටසද හැකි ලෙස ලියා තබමි...කියවා රසවත් වූ හැමට තුති...වරදක් තිබේ නම් කමත්වා!!

Superb...
ReplyDeleteඅපූරු ලියමනක් සහෝදරයා. ඔයා ලෝකය සහ මිනිස්සුන්ගෙ හිත් පහුරුගාල ලියන්නෙක්. අති දක්ෂ යක්ෂයෙක්...(සභාවේ සිනා...)
ReplyDelete//දැන් තියෙන්නේ හැමදේම පිළිගත යුතු කාලය.// that's right. Nice story Ama.
ReplyDelete