බහුබූත සටහන්
දැන් ටික වෙලාවකට කලින් අහස හරියට අපි පොඩි කාලේ චිත්‍ර අඳිනකොට අඳින "සැන්දෑ අහස" වගේ.. අහසේ තැනින් තැන නිල් පාට පැස්ටල් එක්ක දම් රතු පාට පැස්ටල් පමහපටඟිල්ලෙන් උඩ අතට අතුල්ලලා වගේ.. ගිම්හාන කාලය වුනත් හවස මුහුද ගාව හරිම සනීපයක් දැනෙනවා.. බූසාන් මුහුදු සුලඟ ග්‍රීස්ම කාලේ ග්‍රීස්මය එක්ක තරඟයට ඔට්ටු වෙලා,හුලඟ යාන්තමට දශමයෙන් දිනලා නිසාදෝ යාන්තම් සනීපදායක රස්නයකුත් හුලඟේ තියෙනවාද මන්දා..
දුක හිතුනාම,පාළු හිතුනාම,ලෝකේ ගැනම කළකිරිලා හැමදේම අතහැරලා දාන්න හිතුනාම දුවගෙන යන්න පුළුවන් තරම් දුර විස්වාසවන්ත යාලුවෙක් වගේ මහ මුහුද ඉන්න එක කොයිතරම් හොද දෙයක්ද.. මේ මුහුදු වෙරළේ එක කෙළවරක් වැහෙන්නම සූරියකාන්ත මල් වවලා තියෙනවා... දවස පුරාම ඉර දිහාම බලාගෙන ඉදලාම මහන්සි නිසාදෝ මේ වෙලාවේ මල් ඔක්කෝම යාන්තමට මැලවිලා ගිහින්..
ගොඩනැගිලි වලින් විසික්කා වෙන ඇස් වලට අපහසු නියෝන් එළි වලට අහසේ තරු හැංගිලා ගිහින්..සුදු පාට වැල්ලේ උඩ බෙලි අතට වැතිරිලා ඉන්න මට පේන්නේ මුළු අහසටම තරු දෙකක් විතරමයි.. මම මුහුදට කොයිතරම් ලඟින් වැතිරිලා ඉන්නවාද කියනවා නම් වඩදිය මුහුදු රැළි වෙරළේ වැදිලා විසිවෙන මුහුදු වතුර,පුංචි පොද වැස්සක් වගේ මගේ මූණට වදිනවා.. මට මෙතනින් නැගිටලා වෙන තැනකට යන්න කම්මැලි.. මෙහෙම ඉන්න එක සනීපයි..
This comment has been removed by the author.
ReplyDeleteබහුබූතයක්මත් නෙමෙයි. විඳින්න වටින අත්දැකීමක්.
ReplyDelete++++++++++++++++🙏💐
ReplyDelete