අමාගේ පිස්සු සටහන්
ගිම්හාන කාලය ඉවර වීගෙන යනවා.. තද රස්නේ දිගම දිග දවස්, ආයෙමත් කොට සීතල දවස් වලට හරිම හෙමින් හැරෙමින් තියෙනවා දැනෙනවා.. ගිම්හාන කාලය, හිස හැරුණ අතේ තනියම ඇවිදමින්, අලුත් යාලුවෝ ඇති කරගනිමින් ගෙවිලා ගිය එක ගැන සතුටුයි.. ඒම ඇවිදින්න ගියාම, පාන්දර නැගිටලා බලන්න යන්න හිතන් හිටිය දේවල් ලයිස්තුවක් හදාගෙන එකින් එක ,එකින් එක ඒ තැන් වලට තනියම ඇවිදන් ගිහින්, පුළුවන් විදිහට තනියම පොටෝ ටිකකුත් අරන් තනියමම රිදෙන කකුළ් ඇදඇදා හෝටලේට ඇවිත් නිදාගත්ත දවස් තමා තිබුණේ.. හොදටෝම කකුළ් රිදුනත් ආයිමත් පහුවෙනිදාට ඇවිදින්න යන්නම වෙනවා..බජට් ගමන් ගියාම ඒම තමා, කකුළ් දෙක දණහිස ගාවට ගෙවෙනකන්ම ඇවිදින්න වෙනවා.. මිනිස්සු දසදහස් ගාණක් හිටියත්, යාලුවෝ රොත්තක් වට කරන් හිටියත් විසාල බෑග් එකක් එල්ලගෙන, තනියම ඇවිදින්න යන කෙසඟ කොල්ලෙක්ට පාළු දැනෙන්න පුළුවන්.. "ඔයාගේ නම් හිත හයියයි නෙහ්" කියලා පිටට තට්ටු දාලා යාලුවෝ කියනකොට,මේ වෙනකොටත් ඉරි තැලිච්ච පෝසිලේන් භාජනයක් වගේ තියෙන හිත යාන්තමට හෙලවි හෙලවී තියෙන වග මට කියන්න ඔනි නෑ.. ඒම අහන හැම කෙනෙක්ටම වෙන වෙනම විස්තර සහිතව දුක කියලා බෙදාගන්න තරම් සරීර ශක්තියක් වත් , හිතේ ...