ආදර කවි

 "මම ඔහෙට ලව් විත්තිය ඔහේ දන්නවා නේද"


"මට ලව්  නම් ඇයි වෙන අයට කවි ලියන්නේ?"

*****


වලාකුළු පැමිණ නවතින

උස කඳු මුදුනක් මත

ඔබේ උරහිසට බරව

ලියන්නට උවමනා

කප්පරක් කවි ඇත

හිත යට..


විජේරාම අහස මත

දියව යන විට සවස,

ලොවෙන් සඟවාන හදවත

ඔබේ ඇස් වලම ගිලෙමින්

ලියන්නට තිබේ කවියක්

වචන අමුණා ගත නොහැකිව..


උණුසුම් කෝපි ඔඩමක

පාවෙමින් තවරමින් සිහින,

ඔබට විතරක් ඇහෙන්නට

ආදරේ යැයි කියන්නට හැකි

දවසක,

ඔබ ගැන, මා ගැන

අපි ගැන,

කවියක් ඉතිරිය ලියන්නට..


දන්නවද,

"අනුන්ට ලියූ" 

ඒ හැම කවියම

ඔබට..

දුක

ඔබට ඒ වග

නොදැනුන එක..


Comments

Popular Posts