I'm already taken

 මුරුගසන් වැස්සක

ඇහෙන නෑහෙන
එළිසමය ,
සෙමෙන් දුහුවිලි වෙන
කල්පාවසාන රාත්‍රිය,
මින් පසුව, සුහද,
ඔබ දැනනොගනු ඇත..


මා ගිලී යමින් ප්‍රේමයෙන් මි,
කිසිදා ඔබ දැන නොගනු ඇතී,
නමුදු අත අතහැරිනු නොහැකි
මේ සරත් කුණාටුව වෙත
දොර පියන් හැර
ගුලිවෙමි..



අසුරමි මා හදවත,
දමා යමි ඔබ ලඟ,
උහුළා ගත නොහැක
හදවත, අතහරිමි මුහුදට..

සුහද,
මා සතු මේ
කුඩා පඬුපැහැ
ලිලී මල දෙමි ඔබට,
අතහැර ආ හැකිද
මා වෙනුවෙන්
ඔබේ පෙම්වත..





Comments

  1. ලිලී මල ගත්තත්
    දිය හැකිද ප්‍රේමය
    මිය ගොස් ඇත්නම්
    කල්පාන්තයක් තුල

    ReplyDelete

Post a Comment

Popular Posts