ජපුර පෙම් කව
ජපුර පිසගෙන හමන සුලඟට මල් එකින් එක බිමට හෙලනා..
ගේට්ටුව ලඟ මැයි ගහක් ඇත මගේ හැම රහසක්ම දන්නා..
සිතින් විතරක් පෙම් කරන්නට මටම මම දුන් පිළිණ හින්දා..
දුරින් සිට නුඹ දෙස බලා ඉමි මටත් මම හිමි නැතිද මන්දා..
ලියා නිමකළ නාඩගම් කවි එකින් එක නුඹ නමින් කියවා..
ඇහැළ වල මැද රඟ මඬල මත රඟන නුඹ
සිහිනයෙන් දුටුවා..
නිමාවක් නැති ප්‍රේමයක් හදවතේ කොණකින් මාව රිදවා..
නොකී පෙම්වත් කතාවක් තව ජපුර යට මා ඉතිරි කෙරුවා..
නුඹේ සතුටට තටු ලැබෙන යුරු බලා සැනසීමත් සැපක් නම්..
නුඹේ සිනහව සිසිල් සුලඟක් වගේ තවමත් මට දැනේ නම්..
නුඹේ සිහිනෙක කෙළවරක හරි මටත් යන්තම් ඉඩ ලැබේ නම්..
බලන් ඉන්නම් මෙ'මැයි ගහ යට දුකක් නෑ මම වෙන්ව යන්නම්..
Comments
Post a Comment