"සුසුම් නාඳුනන අප දෙදෙන" පොත එළිදැක්වීම


වචන හා එක්ව  කරන සුන්දර යුද්ධයක අවසානයේ අපරාජිත කවියකට උපත ලබාදිය හැකි වන්නේ සැබවින්ම කවියෙකුට පමණක් යැයි මම සිතමි.ඒ වැනි අපරාජිත ලියන්නියන් අතරින් උපේක්ෂා ප්‍රේමතිලක , සාංසාරිකව රැගෙන ආ ප්‍රතිභාව සතතාභ්‍යාසයෙන් මුහහත් කරගෙන මුහුණු පොතේ කාල රේඛාවේ හිස් තැන අතර කවි ලියා තබන්නීය. ඇය තම සිත ,ජීවිතයේ ක්ෂුද්‍ර දෑ මත වෙහෙසවමින් අප නොදකින්නා වූ වෙනස් මානයක් දකින්නට මඟ කියා දෙන්නීය.
ඇය දිගු කතාවක් ඉතා දක්ෂ ලෙස කුඩා වචන කිහිපයකට ලඝු  කල හැකි  තැනැත්තියකි.සයිබර් අවකාශය තුල රසවිඳිය හැකි  අල්පයක් වූ කවි අතර උපේක්ශාගේ කවි හමුවෙයි. කවිය වනාහි හදවත අමතන බසයි. ඇය ඒ බස සමඟ අවංකව ගනුදෙනු කරන්නියකි.
මම උපේක්ශාගේ කවි මුලින්ම කියවන්නේ ඇගේ මුහුණු පොතේ පවුර මතදී බව මතක් කිරීමට කැමැත්තෙමි. ඇගේ කෙටි කවි වලට  අවිවේකි දිනයක  වෙහෙස පලවා හැරිය හැකි මායාවක් ඇද්දැයි මට සිතෙයි.ඒ කවි කෙටිය;රහය;කියවන විට කවිය තුලින් අපිට නිදහසේ ඇවිද යා හැකිය.
“අර්ධ අඳුරැති සුරුවමක පාමුල
දියව වැගුරුනු ස්වේත
ඉටි පහන්දුබල හුස්මක් ගනියි” (“ අද දවස මෙතකින් නිමයි” කවි පන්තිය)

“සල්පිලක සෙනඟ හිනස්සා
අපේ බඩගිනි පිස්සා
වෙස්මුහුණු ඇතුළේ
හිටපු අපේ තාත්තා” (“අපේ තාත්තා” කවි පන්තිය)

උපේක්ෂා යනු සබැවින්ම උපේක්ෂාවෙන් කවි ලියන්නියක්මය.”සුසුම් නාඳුනන  අප දෙදෙන” ඇගේ දෙවැනි  කවි එකතුවයි.සත් වෙනි මස පහළොස්වෙනිදා ජනගත කරනු ඇත්තේ  ඒ “ නාඳුනන සුසුම්” ය.උපේක්ෂාට හදවතින්ම සුභ පතමි.ඔබටත් එදාට ඇය හා ඇගේ සතුට බෙදා ගන්නට ආරාධනා කරමි.

Comments

Post a Comment

Popular Posts