ඔබ , මම සහ මකර දූපත
මිහිකත තම ප්‍රේමය
කුඩා කැබලි කර
සාගරය මත විතැන් කළ
පසුව,
ඔබ මකර හැඩති බිමක
ඉවසමින් සීත,
වනමින් දෑත් සුලඟට
හලමින් සකුරා මල්
ගිනි කඳු හිසක් මතට,
'මේ තමා ප්‍රේමය,
කබුකි තමා නැටුම්,
තුන් වේලටම ග්‍රීන් ටී,'
කියමින් පාට කළ සිතුවමක
කඳුළු දිය සෙවළ පෙන්වන
මම මුතු යැයි වරදවා සිතූ
කඳුළුමය දිවයිනක
කිඳුරන් අතර
ඉඳුරන් දමනයට වෙහෙසෙමින්,
මැරතන් දුවන රළ ගෙඩි ඉවසමින්
නුඹ සිටින දිසාවක් බලාන
ප්‍රේමයේ අනිමිසය වඩන
බිඳී ගිය සිප්පිමය හදවත
දිය සුළි'තරින් පෙන්වන
කාලය මිතුරු වෙස් අතහැර
සතුරුව ගලා යයි වේගයෙන්,
'සයොනාරා' යැයි කියන
ජපන් බෝණික්කෙක් පෙනෙයි,
නුඹෙ මුහුණුවර ඇති
ඇතැම් දවසක සිහිනයෙන්
+++++
ReplyDeleteකටාවක් ලියපම්කෝ
ReplyDeleteඅම්මපා බං මට මේ කවි කියන ජාතිය තේරුම් ගන්න නම් ටිකක් අමාරුයි.
ReplyDeleteකඳුලු දියසෙවෙල හා සිප්පිමය හදවත යන රූපක නොවැටහුනි...
ReplyDeleteඔබේ වදන් භාවිතයට මං හරිම මනාපයි...