පළමු වැන්නෝ නොවෙමු,
විරහව ප්‍රේමය මතින්
නිසොල්මනේ ගලා යන,
ශෝකය පර්වත කැබලි වල
ගැටී විසිරී නැවත එක්වන,
මේ උඩුගම් බලා යන්නේ
කඳුළු නම්,
පෙම්වත,
මම ඉවුරක්මි,
තෙමෙමි තනිව
වයලීන් තත් පිරිමදින
තුරඟ කෙස් අතරින් ගිලිහෙන
දුම්මල සුවඳය ස්වර
මා සූරන, රිදවන,
නුඹෙ ස්වර සෙමෙන් අහුලා
හද පැසට පුරවන විට,
ගිගුම් දී වහින්නේ
දරනු බැරි මතක නම්,
පෙම්වත,
ඒ වැස්සේ සපත්තු නැතිව
මම රඟන්නිය වෙමි,
පය පැකිලෙමින් නිතර
ප්‍රේමයේ වෙහෙසකර
වන්දනා ගමන,
සමනල තටුවකට
මේ තරම් බර වැඩිද,
දුර යන්න හිතුවාට
පියාපත් සිඳුරු වීද,
පෙම්වත,
නරඹන්න හැකි නම් පහළ
පෙනෙයි සිය දහසක්
පියාපත් සමනල,
නුඹ සහ මම
පළමු වැන්නෝ නොවෙමු,
වන්දනාව අහවර නොකළ!
අන්තිම කොටස හරිම සුන්දර විධිහට ඉවර කරලා .
ReplyDeleteස්තුතියි අජිත්
Deleteලස්සන නිර්මාණයක්.
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි
Deleteවන්දනාව අහවර නොකල බොහෝ දෙනෙකි
ReplyDeleteවන්දනාව අහවර නොකල බොහෝ දෙනෙකි
ReplyDeleteඅහවර කළ කට්ටිය නැති තරම් :)
Deleteඒක නං සුපිරි මචෝ.... පට්ටයි
ReplyDeleteස්තුතියි මහේෂ්
Deleteහරි අපූරු නිර්මානයක්...ජයවේවා !!!
ReplyDeleteඅපුරු නිර්මාණයක්
ReplyDeleteමමත් වන්දනා ගමන් කිහිපයක්ම පටන් ගත්තත් අහවර කරන්න බැරි උනා.
ReplyDelete