බෝයිස් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්

"එයා පොටෝ ගහන එක්කෙනෙක්... එයා ගස් ගල් වල පොටෝ ගහලා සම්මානත් ගත්තා...එයා ගාව හොම්බ දිග කැමරාවක් තියෙන්නේ..ඒත් වැඩක් නෑ... මම හැමදාම මේකප් ඩිංගක් දාගෙන කොණ්ඩේ ලස්සනට හදලා එයාව හම්බෙන්න යන්නේ මාවත් පොටෝ එහෙකට අල්ල ගනී කියලා...ඒත් එයාට පේන්නේ මගේ ඔළුවෙ ගහලා තියෙන බූල් බෑන්ඩ් එක විතරයි.. එයා මගේ බූල ගලවලා ඉල්ලනවා පොටෝ ගහන්න...මම අහන්නේ එයාට එහෙම කරන්න වටිනවද... මම එයාට ගහක් හරි ගලක් හරි කසාද බැඳගන්න කියලා අයින් වුනේ ඒකයි"

"ඉතින් රම්‍යා ඔයා ඔහොම මිනිහෙක්ට ඇයි කැමති වුනේ... ඔයා එයාගේ දත් දැක්කේ නෑද මෙච්චර කල් යාළු වෙලා ඉඳලත්... හක්කේ දත් හතරක් පණුවෝ කාලා... දත්  හතරක්ම.. ඒකයි එයාගේ මූණේ හකු නිකන් බෝක්කු වගේ තියෙන්නේ"

"ඔයා කොහොමද සුභා මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගේ හක්කේ දත් පවා දැක්කේ... මම දැකලා තියෙන්නේ ඉස්සරහ දත් විතරයි නෙහ්...ඔයත් එයා එක්ක කලින් යාළු වෙලා හිටියාද??"

"නෑ නෑ... මම දවසක් දැක්කා එයාගේ ෆ්බී වෝල් එකේ කටක් ඇතුලේ පොටෝ එකක් දාලා තියෙනවා... එයාගේ වෝල් එකේ දාන්නේ ඉතින් එයාගේ කට නෙහ්... ඒකේ තමා හක්කේ දත් පණුවෝ කාලා තිබ්බේ..චීකියා"

"ඔයා නම් වාසනාවන්තයි සුභා... ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් කවි ලියන කෙනෙක් නිසා... එයා හෙන බර වචන අෆ්ෆා දාන්නේ... අපිට නම් සිංහල බෑ නෙහ් ඒයි... ඔයා දන්නවා නෙහ් මම ඒ ලෙවල්ස් කලෙත් ඉංග්‍රීසි මීඩියම් නෙහ්"

"ඔව් මම මොකෝ නොදන්නේ... සබ්ජෙක්ට්ස් ඔක්කෝම ෆේජ් වුනාට ඔයා ඉංග්‍රීසි මීඩියම් නෙහ් කලේ...මොන වාසනාවක්ද රම්‍යා...එයා එක එක ගෑනුන්ට කවි ලියන්නේ... දවසක් එයා කවුද සුද්දියෙක් ගැන කවියක් ලියලා හෙළුවැලි පොටෝවකුත් එක්ක ෆ්බී දාලා තිබ්බා... මට ලැජ්ජාවේ බෑ...තව දවසක් ආච්චී කෙනෙක්ට කවියක් ලියලා තිබ්බා මගේ පොටෝ එහෙකට ටැග් කරලා...මම අහන්නේ සාධාරණද ඉතින්..එයාට මං ගැන කවි ලියවෙන්නේ නෑලු... එයාට කවි ලියවෙන්නේ වෙන ගෑනු ගැන තමා...මට ඉතින් හොම්බට එකක් අනින්න හිතෙනවා"

" සුභා ඔයාගේ බෝයි දවසක් මගේ  සෙල්ෆි එහෙකට කවියක් ලියලා තිබ්බා " රන් තිසර තන්" ද මොකක්ද කියලා... කවුද හලෝ රන් තිසර කියන්නේ...මට ලැජ්ජාවේ බැරි නිසා ඒක ඩිලීට් කලා... එයා කොල්ලෙක්ගේ නමක් එක්ක තන් කිව්වාම මට පොළව පලන් යන්න හිතුනා"

"නෑ.... ඔය මිනිහා ඔහොම තමා... මහ වලත්තයි... ඔයාගේ කෙනා හොඳයි ඒයි  බලනකොට.. අඩුම ගානේ ඔයාගේ බූලක් හරි එයාට ලස්සනට පේනවා නෙහ්...  මම බූල් සීයක් කොණ්ඩ ගහෙන් ගහට දාගෙන ගියත් මගේ කෙනාට පේන්නේ නෑ නෙහ්"

"සුභා ඔයාගේ කෙනාගේ නහය ටිකක් ඇදයි නේද... දවසක් මට අහම්බෙන් වගේ හම්බුනා ගෝල් ෆේස් එකේදි...එතකොටයි හරියට දැක්කේ.. එයාගේ වම් අතේ උඩම ඉන්නෙකුත් ඉන්නවා නේද... ඒකනම් වස කැතයි"

"ඔයා කොහොමද ඉන්නවා දැක්කේ.. මම දැක්කෙත් ලඟදි නෙහ්..??"

"ආ එයා ෆේස් බුක් දාලා තිබ්බේ ජිම් එකේ ඉදන් පොටෝ එකක්.. ඇයි අනේ අර කවියකුත් දාලා තිබ්බේ.."යකඩ කාලා කොළඹ දුවනවාද" මොකක්ද මන්දා ඒ කවිය... අන්න ඒකෙදි මම දැක්කේ "

"මටනම් මතක නෑ ඉතින්... ඔයා මගේ හොඳම යාලුවා නිසා මෙහෙම කියනවා හැමදේම...නැත්නම් කටක් ඇරලා කියන්න පුළුවන්ද මෙව්වා"

"පිරිමි ඔක්කෝම එකතු කරලා ලෝකාන්තෙන් පහළට තල්ලු කරන්න තියෙන්නේ...හා නැද්ද මං අහන්නේ?"


"පිස්සුද ඒයි... එතකොට අපේ තාත්තලා??"

Comments

  1. අම්මපා මේ ගෑණුන්ගේ හැටිනේද

    ReplyDelete
  2. ඕකෙ අනිත් පැත්තත් තියෙනව ඉතිං....
    ගෑණුංව කුස්සියට කොටුකරන්න හුරුවුණ ජාතියක්නෙ අපි

    ReplyDelete
  3. නියම කථාව සහ නොකියා කියන කථාව. දස්කොන් ඉන්න කාලේ ෆේස්බුක් තිබ්බනම් කියයි ප්‍රෙමිලාගේ ලපේ දැක්කෙ ෆේස්බුක් එකේ පින්තූරෙක කියල.

    ReplyDelete

Post a Comment

Popular Posts