අළු හිම සහ කඳුළු
"ලංකාවේ සොහොන් මේ වගේමද දිසල්??"
අප්‍රේලයේ පුස් ගඳ තෙත හුලඟක් සාරාගේ රත්තරන් පාට කොණ්ඩ ගස් අවුල් කරගෙන හමාගෙන ගියා..සාරා ඇඳගෙන හිටපු කළු පාට ලේස් ගවුම අළු පාට සොහොන් කොත් ස්මාරක අතර හුලඟට අවනතව වැනෙන කළු පාට කොඩියක් වගේ මම ඉන්න තැන; සාරා ඉන්න තැන ඉඳන් අඩි හයක් පිටිපස්සට පෙනුනා..
"ඒ සොහොන් මේ වගේමද කියන්න තරම් මම ලංකාවේ සොහොන් දැකලා නෑ...අපේ ගෙවල් පැත්තේ තිබ්බ සොහොන නම් ගොඩක් ජරාවාස වෙලා තිබ්බා මම ලංකාව දාලා මෙහෙ එනකොට"
සාරා එයාගේ යුදෙව් යුගල් ඇස් වලින් හිනා වෙලා ටිකක් මිටි සොහොන් කොත් කිහිපයක නම් කියවන්න උත්සහ කරන බව පෙනුණත් මූණේ තිබුණ ඉරියව් වල ක්ෂණික ගැස්සීම් නිසා වැඩේ අසාර්ථක විත්තිය මට දැනුනා...
"මම ජර්මනියේ හැදිලා වැඩිලා ලොකු වුනා නම් බාගදා මීට හොඳට මේ ජර්මන් අකුරු කියවන්න තිබුණා.."
හැම සොහොන් කොතක් ලඟම දම් පාට මල් පිපෙන ලැවැන්ඩර් වවලා තිබ්බ නිසා ඒ සුවඳ, ආලෝකය වගේ හැමතැනකම පැතිරිලා හිත 'සමාදානයෙන් සැතපීමේ සුවය' ගැන අනිමිසලෝචනයක අදිසි දැහැන් ගත වීමක තනිකරමින් තිබ්බා...
සාරා තම යුදෙව් ආත්තම්මාගේ සොහොන හොයාගෙන ජර්මනියට ඇවිත් තිබුණෙ ගංගා මුහුදු කඳු කාන්තාර පහු කරගෙන ඔස්ට්‍රිලියාවේ ඉඳන් විත්තිය කිව්වේ ජෝජ්; ජර්මනියේ මාත් එක්කම පරමානු විද්‍යාව ඉගෙන ගන්න සාරාගේ ෆේස් බුක් පෙම්වතා...
"මිනී වළදාපු සොහොන් උඩින් ඉඳගන්න එපා"
ඒ කන ලඟින්ම වගේ ඇහුණ මිමිණුම අම්මාගේ...මීට අවුරුදු බර ගාණකට කලියෙන් සීයාගේ මළ ගෙදර කටයුතු වලට සොහොනට ගිය වෙලාවේ අම්මාට පුළුවන් තරම් හයියෙන් කෑ ගහලා එහෙම කිව්වා මට මතකයි.. ඒ කටහඬ අතීතයේ ඉඳන් වර්ථමානයට ගහගෙන ඇවිත් අනතුරු අඟවපු නිසා රතු පාට ග්‍රැනයිට් අල්ලපු සොහොන උඩින් සාරා ඉඳ ගත්තත් මම හිටගෙනම ඉන්න තීරණය කළා..
"ඔයා ආසද මෙහෙම ඇවිදින්න..දිගම දිග ගමනක් ගිහින් හති වැටිලා සදාකල් නින්දකට වැටිච්ච මිනිස්සු මැද්දේ අයාලේ යන්න?? ලෝකයේ ඉන්න හොඳම මිනිස්සු ඉන්නේ මෙතන...පල්ලිය ඇතුළට වඩා මෙතන ජීසස් ඉන්නවා වගේ දැනෙනවා.."
සාරා ටිකක් ඈතින් තියෙන දිය සෙවළ බැඳිච්ච යුදෙව් පල්ලිය දිහා බලලා බිම බලා ගත්තා...ආයිත් මං දිහා බැලුවා..
මම සාරා දිහාවට හිනාවක් පා කරා...ඒ හිනාව එයාගේ කම්මුළේ වැදුනේ දඟ හාද්දක් විදිහට...මම සොහොන් අස්සේ ඇවිදින්න යන්න බයයි කියලා ඇත්ත කියන්න මට ඔනිකමක් තිබ්බේ නෑ..මම "ඔව්.." කියලා විතරක් කිව්වෙත් බයෙන්...'සොහොන් වල ඇවිදින ගමන් ඔයා මොකෝ කරන්නේ?' කියන දෙවනි ප්‍රශ්නේ මගෙන් අහාවි කියන බයට ඒ ප්‍රශ්නෙට උත්තරයක් මම හිතින් හදාගත්තා...ඒත් සාරා කලේ තෝමස් හාර්ඩිගේ "paying calls" කවිය කියවන්න පටන් ගත්ත එක.. එයා ඒක කිව්වේ නවත්ත නවත්ත.. පොඩි තාලයක් එන විදිහට.. මට මතකයි ඒකේ අන්තිම වචන ටික විතරක් යන්තමට..
"I spoke to one and other of them
By mound and stone and tree,
Of things we had done ere days were dim,
But they spoke not to me"
සාරා ඒ කවිය අන්තිම පදය හතර පස් පාරක් නැවත නැවතත් පුනරුච්ඡාරනය කළේ ඇස් වල අඟට ටිෂූ කඩදාසියක් ලං කරලා... කඳුළු වලින් මස්කාර දියවෙලා යයි කියලා බයකින් වගේ...
"දිසල්...මගේ ආච්චි අම්මා මැරිලා තියෙන්නේ යුද්ධේ ඉවර වෙන්න හරියටම දවස් දෙකකට කලියෙන් වසූරියෙන්..."
සාරා ආරාධනාවක් නැතිවම කඳුළු වල හේතුව පැහැදිලි කරන්න දිග කතාවක් කියන්න යන බව දැනුන නිසාත් කකුළ් දෙක නොසෑහෙන්න රිදෙන නිසාත් සාරා ලඟින්ම වාඩි වුනා... සාරා ලඟ හරි සුවඳයි...අලුත් ජොන්සන් බේබි සබන් කැටයක් වගේ...
ඉස්සර අම්මා ඒ ජාතියේ සබන් කැට ගේනවා මූණේ විතරක් ගාන්න පාවිච්චියට කියලා.. ඇඟේ ගාන්න ගේන්නේ එච්චර සුවඳ නැති ලයිෆ් බෝයි කෑළි..
"ඔයා කල්පනා කරනවා ඇත්තේ අපේ ආච්චි අම්මාත් ඈන් ෆරෑන්ක් වගේ කියලා වෙන්න ඇති..ඈන් ෆ්‍රෑන්ක් ඩයරියක් ලියපු නිසා එයාගේ කතාව අපි දන්නේ... ටොයිලට් පේපර්ස් නැතිව පත්තර වලින් පිහදාපුවා... මරණ භය එක්ක ජීවිතේ ඉස්සරහ ගැන මවපු බොඳ වෙච්ච හීන...ඔයා ඇන්ඩෲ මෝෂන්ගේ කවියක් අහලා තියෙනවද ඇන් ෆෑන්ක් ගැන ලියපු?? "
"ඔව් මට මතකයි.... වචන මතක නම් නෑ... මෝෂන් ඈන් ෆ්‍රෑන්ක් ජීවත් වෙච්ච තැනට යන එක ගැන නේද කියන්නේ...ඒක ගොඩක් දුක හිතෙන කවියක් වග මතකයි.."
සාරා ඔළුව ඔව් කියනවා වගේ වැනුවා..ඊට පස්සේ ඇස් එක පාර පියාගෙන ආයිත් හෙමින් හෙමින් ඇරියා..
"එතකොට ඔයා හිතුවේ අපේ ආච්චි ඈන් ෆ්‍රෑන්ක් කියලද දිසල්?"
සාරා එහෙම කියලා මගේ පිටට පොඩි තට්ටු වක් දැම්මා...මම "ඔව්" ද " නෑ" ද හොයාගන්න බැරි වෙන්න ඔළුව වැනුවා..
" මම මගේ ආච්චිව දැකලා නෑ... අම්මලා තාත්තලා ඕස්ට්‍රේලියාවට යනකොට ඒ හැමදේම මෙහෙ දාලා ගිහින් තියෙන්නේ...ඒක හරි අපරාධයක් දිසල්...මට මගේ මුල් නැති වෙලා ගියා...තාත්තා තමා කිව්වේ මේ සොහොනේ තමා ආච්චිගේ අම්මාගේ සොහොන තිබුණෙ කියලා..ඒත් යුද්ධ කාලෙදි යුදෙව් සොහොන් පවා විනාස කරාලු...සමහරවිට මෙතන එයා ඇති..මට ජර්මන් කියවන්න අමාරු නිසා හිටියත් හොයාගන්න බෑ"
"නම කියන්න එයාගේ??"
"ඩොරති සැම්සන්"
මම අතරින් පතර සොහොන් කොත් කියවන්න වුනා.. "ස්වර්ගය තටු ලැබුණු බාබරා ඩැනියල්ස්" , "සමාදානෙන් සැත පෙන කොලින් වික්ස්" අතර "ස්වර්ග කාර්යයට ගිය පියල්" කෙනෙක් දැකලා මාව පස්සට වීසි වෙලා ගියා...සාරා මාව වත්තම් කරගෙන ආයිත් රතු ග්‍රැනයිට් සොහොන් කොත උඩින් වාඩි කෙරෙව්වා...
"මොකෝ ප්‍රශ්නේ??එයාව හම්බුනාද??"
සාරාගේ නළල රැළි වැටීගෙන් එන විත්තිය දැක්කේ එතකොට..
"මෙතන ලංකාවේ කෙනෙක්ගේ සොහොන් කොතකුත් තියෙනවා.."
"ලංකාවේ?? මේක යුදෙව් අයට විතරක් වෙන්කරපු පල්ලියේ සොහොනක් නෙහ්.."
"මාව පුදුම වුනා..යුද්ධ කාලේට කලියෙන් වළදාපු එකක්"
"එයාලා ලංකාවෙන් මෙහෙ පදිංචියට ආවාම ආගම වැළඳගන්න ඇති"
සාරා මගේ අත් හෙමින් පිරිමැද්දා...මට ඩොරතිව හොයාගෙන යන්න බැරිකමක් දැනුන විත්තිය සාරාට දැනිලා වගේ එයා ආයිත් කතාව පටන් ගත්තා..
"දැන් ජර්මන්කාරයෝ යුදෙව්වෝ මරපු වදකාගාර කෞතුකාගාර කරලා හම්බකරගන්නවා...මම මෙහෙට ආපු පළවෙනි දවසේ ගියේ අපේ ආච්චිලා හිටියා කිව්ව වදකාගාරේ බලන්න..එතන විස්තර කරන්න හිටපු මිනිහා කතා කලේ එතන ගහපු ෆිල්ම් එකක් ගැන විතරයි...ජර්මනිය එයාලගේ කළු පැළ්ළම වහගන්න උත්සහ කරනවා...ඔයා දන්නවද හිනා යන දේ...ඒ වදකාගාරේ..සොරි සොරි..දැන් ඒක හෙන කෞතුකාගාරේ ලඟ යුදෙව් සුප් විකුණන කඩ පෝළිමක් තියෙනවා..ඒවා වල යුදෙව් නැටුම් , ජන ගී වගේ දේවල් හරියට...ඒත් ඒ දේවල් කරන්නේ යුදෙව්වෝ නෙමෙයි...ඔක්කෝම අය ජර්මන්කාරයෝ"
සාරා කතා කලේ තරහින් වග කටහඬ සැරින් සැරේ වෙව්ලන විදිහෙන්ම පේනවා..මම සද්ද නැතිවම හිටියා..එතකොට එයාට මෙච්චර දුරක් ගෙවාගෙන ඇවිත් ජර්මනියේදිම යුදෙව්වෝ ගොඩක් මැද්දෙදි පරණ තරහ නිවාගන්න ලේසියි..අතීතයේ සතුට වියැකිලා ගියාට වෛරයයි දුකයි බොහෝ කල් ඒ විදිහටම පවතිනවා..
"ඔයා දන්නවද ජර්මනියට වැටෙන හිම කියන්නේ යුදෙව්වෝ හංගගෙන හිටපු කඳුළු විත්තිය.. ඒ හිම වැටෙන්නේ හැම අවුරුද්දකම අළු පාටින්..අළු හිම..."
සාරා හයියෙන් හිනා වෙන්න ගත්තා...මම දන්නවා එයා කිව්වේ බොරු විත්තිය..ජර්මන් වළාකුළු සුදු හිම නිතරම වට්ටනවා...බාග වෙලාවකට විතරක් අළු හිම!!එකත් කළාතුරකින් වගේ දවසක..!!
*******************************************
සාරාට ඇත්තටම පිස්සු නේද කියලා වෙලාවකට මට හිතෙනවා...දැකලවත් නැති මිනිස්සුන්ගේ සොහොන් හොයාගෙන යන එක පිස්සුවක් නෙමෙයිද..මට අපේ සීයාව මතක් වෙනකොටවත් දුකක් නොහිතෙන්නේ ඇයි??සීයා වදකාගාරයක වද විඳවිඳ මැරිච්ච නැති නිසාද...ඇරත් පියල් කෙනෙක් කොහොමද යුදෙව් සොහොනක සමාදානයෙන් සැත පෙන්නේ?? මේ ප්‍රශ්න එකින් එක හිතෙන් මකලා දාන ගමන් ඊමේල් පෙට්ටියට ආපු පණිවිඩ කියවන්න වුනා...මුල්ම පණිවිඩය සතියකට කලියෙන් ආයිත් ඕස්ට්‍රේලියාවට පියාඹපු සාරාගෙන්..
"ආදරණිය දිසල්,
ලියුම් ලියන තාලයට ඊමේල් ලියනවාට සමාවෙන්න..ඔයා හොඳින් ඉන්නවා කියලා හිතනවා...ඔයා මට දුන්න ධම්ම පදයේ ඉංග්‍රීසි පරිවර්ථනය ගොඩක් ප්‍රයෝජන වුණා...මම හිතාගෙන ඉන්නේ ආචාර්යය උපාධි නිබන්ධනයට බුද්ධාගමෙයි යුදෙව් ආගමෙයි හින්දු දර්ශනෙයි සමානකම් ගැන පොතක් ලියන්න..මම ඒකට විස්තර හොයන්න ඉක්මනටම ඉන්දියාවට යනවා...ඔයාටත් පුළුවන් දවසක තමා ලංකාවට යන්න හිතාගෙන ඉන්නේ නම්...ඔයත් එක්ක ගියාම භාෂා පරිවර්ථකයෙක් ඔනි නෑ නෙහ්...
ඔයා මට දුන්න 'වන්ඩු' කියන කේක් ජාතියට මගේ යාලුවෝ ගොඩක් අය කැමතියි...මම කාපු කෑල්ලක පොල් කෙන්දක් තිබුණා...ඒ කේක් හදන්න පොල් කෙඳිත් දානවද??
දිසල් මට පස්සෙයි ආරංචි වුනේ ඔයාලගේ රටෙත් යුද්ධයක් තියෙන විත්තිය...මට ඒ ගැන විස්තර කිව්වේ මෙහෙ ඉන්න තමිලා කියලා දෙමළ යාලුවෙක්...එයා කියන විදිහට ලංකාවේ ජීවත් වෙන්න පුළුවන් සිංහල අයට විතරයි කියලා සිංහල මිනිස්සු හිතනවලු...දෙමළ අය ලංකාවෙන් කෑල්ලක් ඉල්ලනවා කියලත් එයා කිව්වා...ඒ පොඩි දූපතේ තව මොනා කෑළි කරන්නද...මට නම් පුදුමත් හිතුනා...
දිසල් මම තමිලා කියපු විස්තර වලින් දැක්කේ ලංකාවම නාසි කඳවුරක් වගේ කියලා...වෙනසකට තියෙන්නේ වෙලාවකට සිංහල අය නාසිකාරයෝ වෙන එක...තවත් වෙලාවකට දෙමළ අය නාසිකාරයෝ වෙන එක... තමිලාට ඔයාලව පේන්නේ ත්‍රස්තවාදියෝ වගේලු...එයාලගේ අක්කා කෙනෙක්ට වෙඩි තිබ්බේ ආර්මි එකෙන්ලු..ඊට පස්සෙලු එයාලා මෙහෙට ආවේ..මම පස්සේ දැන ගත්තේ තමිලාගේ අක්කාත් යුද්ධ කරපු විත්තිය...
ජාතිය , ආගම , භාෂාව වගේ දේවල් හරියට ඇඳුම් වගේ දිසල්...කැමති වෙලාවක ගලවලා අහකට දාන්න පුළුවන්...ඒ වගේ දේවල් වලට යුද්ධ කරනවා කියන එකම විහිළුවක්..එහෙම නෙමෙයිද??
තව දෙයක් කියන්න අමතක වුනා...මට ලඟදි ජර්මන් කොල්ලෙක් හම්බුනා කැපචිනෝ එකක් බොන්න ගියපු වෙලාවක... එයා මම යුදෙව් වග දැනගෙන සිය වතාවකට වඩා සමාව ඉල්ලුවා...එයා කිසිම වැරැද්දක් නොකර සමාව ඉල්ලනකොට මට දුක හිතුනා...වර්ථමානේ අපි කරන මෝඩ වැඩ වලට වන්දි ගෙවන්න වෙන්නේ ආනාගත ප්‍රජාවට...අම්මලා තාත්තලා මිනිමරුවෝ කියන පසුතැවිල්ල එන්නේ අනාගත ප්‍රජාවට..
මම නවතින්නම්
සුභ දවසක්.."
මට දැනුනේ සාරා මගේ ලඟ ඉදන් කතා කරකර ඉන්නවා වගේ හැඟීමක්..
සාරාගේ දිග ඊමේල් ලිපියට උත්තරයක් යවන්න හිතනකොටම අම්මා ස්කයිප් කවුළුව ලඟ කතා කරන්න බලන් ඉන්නවා දැක්කා..මම සාරාට උත්තර ලියන එක කල් දාලා ලංකාව පැත්තට හිස හරවලා හිනා වුනා..

නියමයි බං.. වෙන කියන්න වචනයක් නෑ..
ReplyDelete