මහන්සිද ජීවිතේ කියන්න.මහන්සි නිවන්න,කවි කෝපි බොන්න,කෙටි කතා පැණි වළලු කන්න,අමාගේ හීන සාප්පුවට ගොඩ වෙන්න.
මේ හමුවීම
අහඹුවක් විය නොහැක
පෙම්වත.
කෙලෙස හෝ
දුටුවිට ඔබව,
නිවීයනු ඇයි
මා වෙහෙස.
දුටුවිට ඔබව
උමතු මා ඇයි
සැනසෙන.
රැය ද දහවල ද
මතුරක්ව මතුරමි
පෙම්වත,
අත්හල හැකි
තරමට හුස්ම,
පෙම්කරමි නුඹට.
මේ සියළු මාවත්
ඔබෙන් අවසන් වන,
අන් මගක් නොදැන
අතරමං වනු ඇති ද
මම.
පෙම්වත
අහඹුවක් ද..
Comments
Post a Comment