ඔබ කිසිත් නොකියයි

"අද දවසම වැස්ස,
හීතල එහෙම නැද්ද"
උණු තේ කොප්පයක බහා කකුළ්
ඝන කබායක සැඟවෙමින් මා
ඔබෙන් අසන විට,
ඔබ කිසිත් නොකියයි..


"මට දුකයි අද හොදටෝම
කරදරයි හිතට දන්නව ද හේතුව"
ටිෂූ කොළ  කඳුළු වල පොඟවා
ඔබ දෙසට දිගු කරමින් මම
ඔබෙන් අසන විට,
ඔබ කිසිත් නොකියයි..


"ඔයා දුකින් ද, තරහින් ද
කියන්නට බැරි තරම් ගැටලුද"
මෘදුව මිරිකා කම්මුළ
හාදුවක් දෙමින් මම
ඔබෙන් අසන විට
ඔබ කිසිත් නොකියයි..


මල් සුවඳ රැගෙන ආ සුලඟ ගැන
සුමුදු සුදු පෙණ උණන මුහුද ගැන
පද ලෙහෙන පණ  යදින කවි ගැන
ඔබ කියයි බොහෝ දෑ සිනහසෙයි ඒ ගැන..


ඔබ ඔබ ගැන නොකියන
මා ගැන නොඅසන
ආදරේ යැයි මට කියා
ගල් මලක් අතර සැඟවෙන..


ඔබ ආදරේ කරන
මේ අමුතු විදිහ
මා වෙහෙසන..
ප්‍රේමය මේ තරම්
නිහඬව ගොළුව
වචන නැතිව ද පවතින..
   




Comments

Post a Comment

Popular Posts