දියව ගිය දියව යන වසන්තය
මෘදුව ඔබ අත්ලට රැගෙන
මගෙ සිහිනයක තවරන
මම පහසුවෙන් කැබලිවෙන
භංගුර ශීත ආත්මයක් බව දැන
ඔබේ පපුමත තමා මා රකින
දුක් සුසුම් කඳුළු වල බර දන්න
නුඹේ උරහිස, මගෙ කුඩා දෙවොල
ඇස් වසන් නුඹෙ සුවඳ විදිමින්
නිරන්තර මා නිවෙන
ප්‍රේමය,
මේ තරම් සිසිලද!!
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQWCPcyYh_5Tx7lnbjmDnTr5Nswn-UKXHwsvddmDjiw5p0hL3Le6wizSbalMUcjOOLuP44YkxhOKRq3dh2wrdZzYFyK9u1g9n9y8qGJa83jQKgkFH5qkjMT8lgyAjgJDgCMaZWXRUdWp8/)
//ප්‍රේමය,
ReplyDeleteමේ තරම් සිසිලද!!//
ඔබේ ප්‍රේමය මේ තරම් දැනෙනවාද....
//දුක් සුසුම් කඳුළු වල බර දන්න
ReplyDeleteනුඹේ උරහිස, මගෙ කුඩා දෙවොල//
සුන්දරයි .....