අප දෙදෙන මැද මහ මුහුද
මා මේ සටහන ලිවීම අරඹන්නේද මහ මුහුද දෙසට මුහුණලා දුම්රිය කවුළුවකින් ලුණු සුවඳ විඳිමින් වීම එක්තරා ආදරණීය උත්තේජනයක් දෝ යැයි හැඟෙයි...මා සැරසෙන්නේ නිමක් කොණක් නොමැති ලංකාව නම් කොදෙව්ව වටා දෑත් පටලවා ගත් මහ මුහුද ගැන කියන්නට නම් නොව "අප දෙදෙන මැද මහ මුහුද" ගැන මගේ හිත් පොජ්ජට කාන්දු වුණ අමුත්තක් ගැන කළබල සටහනක් මගේ කැත යුනිකෝඩ් අකුරින් බලිකුරුටු ගාන්නටය..
අප හැමදෙනා මැදින් මේ ගලා යන මහ මුහුදේ අයිතිකරුවා ඉසුරු චාමර සෝමවීර කවියාය...මහ මුහුදක තිබිය යුතු කහට ලවණ රස වෙනුවට මෙහි ඇත්තේ විටෙක හිත ඇඹුල් කරවන, තවත් විටක හිත පැණි රසයකින් ප්‍රණීත කරවන, කහට රසයකින් හද බිත්ති මත පැල්ලම් ඇති කරවන සුළු නෙල්ලිමය රසයක් යැයි සිතෙයි...
අපි සැවොම ජීවිතය යන බිත්තිය මත රබර් පින්තාරු දියර තවරාගෙන සිටින්නෙමු...නමුදු රබර් පින්තාරු වුව පතුරු ලෙස ගැලවී ගොස් අපි වසා සිටි ජීවිතේ අවපැහැ කොටස් නිරාවරණය වීමටද ඉඩ ඇත..එලෙස නිරාවරණය වෙන අවපැහැ අතීත බිතු ලකුණු හර්දස්පන්දනය හා අනුනාද කළ හැක්කේ කාටද මා ඔහුට කවියා යන නාමය සුදුසු යැයි විස්වාස කරමි..ඉසුරු හට බිය සැක අතැර කවියා යැයි අමතන්නේ මා ඒ නිසාමය..
අප දෙදෙන මැද මහ මුහුදේ එක එක්තරා රැල්ලක ඉසුරු "මගේ අම්මා" ව පා කර ඇත..මේ කව කියවන විට මට සිහියට එන්නේ මගේ අම්මාම වීම නිසාවෙන්දෝ මම මේ කවට ආදරේ කරමි..
"ඉඳිකඩ ලඟ ඉදන්
මග බලන
පැලක් නැති හේනක
අකල් වැසි වැටෙද්දී
තුරුලු කර පුතු රකින
තම්බා බතල දලු
ලුණු දියර ඉස කවන
දුම්මල ගලට යන
වඳුරඹින් කොපි පොත් ගේන
ඒ මගේ අම්මා නොවේ"
ඇත්තෙන්ම ඒ මගේ අම්මා නොවෙයි..මගේ අම්මා හේනේ පැළක තනිව සිටින්නියක් නොවෙයි..දුම්මල කඩන්නියක්ද නොවෙයි..වෙනත් කවියන් අම්මාව වැනුමට යොදා ගත් බොහෝ දෑ තුළ මගේ අම්මාගේ සෙවනැලි සොයාගත නොහැක්කේය..නමුදු ඉසුරු "මගේ අම්මා" කව තුළ මගේ අම්මාගේ ප්‍රතිබිම්භ රදවාගෙන තිබෙන යුරු දැක මා විස්මයට පත්වීමි..
"සායට රිබන් අල්ලන
තරුණි පත්තර බලා
මල් මෝස්තර හොයන
සුදු කෙස් කළු කරන
අම්මා ඔබයි මගෙ
කිසිදාක සාරි නො අඳින"
ඉසුරුගේ කවි එකතුවෙන් මගේ හිත තදින් අල්ලා ගත් කව "අප දෙදෙන මැද මහ මුහුද" බව පවසමි.."ගල් මල් අතර නිල් රතු මාළු පීනන" ලංකාව නම් " පොඩි මුහුදකින් වට වුණ පොල් ගස් කොදෙව්වේ" සුදුවට හිනාවන කොල්ලෙකුගේ හැඟීම් අතිශය ඉසියුම්ව ඉසුරු ලියා ඇත්තේ කෙසේදැයි මට සිතා ගත නොහෙන නිසාවෙන්ම මේ කව කිහිප විටක්ම මා කියවා ඇත්තෙමි...ඒ කියවන සෑම වාරයකම පාහේ මේ කවිය අලුත් වෙයි...අලුත් රසයක් සමඟ පුනරුප්පත්තිය ලබයි..
" මා නිවන දල්වන ළා නිල් ඇස්
අතගා බලනු බැරි රන්වන් කෙස්
වැඩිපුර නොතේරෙන අමුතු බස්
ඔබය නිදි නැති මහ අහස හිස්"
ඔහුන් දෙදෙනා මැද මහ මුහුද තිබුණද එය ප්‍රේමයට කිනම් නම් බාධාවක්ද...ඔහුන් හතරැස් නිල් අහස් තිරයෙන් එකිනෙකා දෙස බලා සිටියි..ඒ නිල් අහස හිස් වන්නේ ඔහු නැති විට බව පවසමින් කියන්නට තැත් කරන්නේද ප්‍රේමණිය හුදකලාවක් ගැන නොවේද...
"සුදු පටු කුඩා කුටියක
දුඹුරු බලු පැටියෙකු සමග
කුඩා කවුළුවකින් එබෙන
ඔබය අත දිග මදි වුන"
ඔහුන් එකිනෙකා ස්පර්ශයට පවා "අත දිග මදි වුණ" ද ඔහුන් එකිනෙකා දෙස බලා සිටින කවුළුව කුඩා වුවද බැඳීමක් ඇති වනු පිණිස ඒවා බාධා නොවෙයි..විදේශීය ප්‍රේමය මැදින් සිටගෙන සිටින්නේ මහ මුහුදයි.."අප දෙදෙන මැද මහ මුහුද" වන්නේ ඒ නිසාම නොවෙයි...
සුදු කුඩා පටු කාමරය තුළ පවා ඔහුට තනි නොතනියට "දුඹුරු" බල්ලෙක් හෝ සිටියී..ඒත් සුදු කෙස් එක දෙක හිස මතට එමින් සිටින විට කවියා විමසන්නේ බල්ලෙක්වත් නැති ඇත්තටම "ඔබ" පිළිබඳවයි...මා කවියේ අවසානයේදි කල්පනා ලෝකයක මන්මුලා වී යයි..ඒ මන්මුලාවෙන් මිදීමට අකමැත්තෙන් සිටිමි..
මේ කවිය කිහිපවිටක් කියවන විට හිතට විවිධ සිතුවිලි පැමිණියද ඒ සියල්ලම සටහන් කිරීම යන පාපය කිරීමට තරම් මා රුදුරු නොවන්නට තීරණය කළෙමි..මන්ද නුඹටද මෙය කියවා රසවිඳීමට තමන්ගේම මානයක් හොයා ගැනීමට බාධා කිරීමට අකමැති හෙයිනි..
ප්‍රේමයට තිබිය හැක්කේ රතු පාට වැනි ඇස් කඩාගෙන යන පාටක් පමණක්ම දැයි කවියා ප්‍රශ්න කරන්නේ "උස සුදු කොල්ලෙක්ට" වෙන් කළ හරි හතරැස් මුහුදු රැල්ලෙනි...ප්‍රේමය වනාහී ස්ත්‍රිය හා පුරුෂයා අතර ඇති වෙන බැඳීමක් පමණක්මද , නැතහොත් එය එතනින් ඔබ්බටද අපිට ගෝචර නොවන සීමා වලද පැවතිය හැකිද යැයි විමසන්නේ මා නොව ඉසුරුය...ජුලියට්ලා කන්නගීලා අතර කොල්ලෙක්ට ආදරේ කළ කොල්ලෙක් ගැන හෝ කෙල්ලෙක්ට ආදරේ කළ කෙල්ලෙක් ගැන හෝ සඳහනක් නැත්තේ ඇයි දැයි විමසන කවියා, එලෙස ජන්මය ලබන ප්‍රේමයක් දරන්නා "මිනිස් බාගයක් හෝ කාලක් ද යැයි" විමසීම කරන්නේ සුදු කොල්ලාගෙන් පමණක් නොව ඔබ මම සහ අපි ජීවත් වෙන ගැටෙන සමාජයෙන්ය..අපි නිරුත්තරය..අපිට පිළිතුරු නැත..නමුත් අපිට ඒ "බිම වැටුණ මල් නොපාගා" යා හැක...
ඉසුරුගේ මහ මුහුද මැදින් "හතලිස් වියැති මනමාලිය"ක පාව එයි..අම්මාට බරක් වුණා යැයි සිතන, තුරුණු විය පරාජය වුණ ආදරය සමඟ ගෙවා දැමූ මනාලියට විවාහය හැළි වළං සෝදනු පිණිස ජීවිතය දන් දෙන්න යන ගමනක් සේ හැඟෙයි..සත්‍ය නම් එයයි..අපි දකින්නට අසන්නට බය සත්‍ය එයයි..මහ ගෙදර අඳුරු මූසල පෙනුම පවා ඇය සමඟම මහ ගෙදර අතහරින බව ඇය සිතයි..ඉතින් ඉන්දියන් සාරියක් කයට ඇන්දාට හිත වහගන්න පුළුවන්ද යැයි ඇය විමසන විට ළා ඉකි බිඳුමක් මට ඇසෙයි..යලි නෑසී යයි..
"ඒ අයට හිනා යයි
දිරපු මේ මගෙ කඳට
මල් ගහල, සුදු කරලා
බන්දේසියක දාලා
කේක් ගෙඩියක් වගේ
පිටත් කර හරින කොට"
ඉසුරු "අප දෙදෙන මැද මහ මුහුද" අතහැරිය නොහැකි තරම් සුන්දර රැළි හතලිස් එකකින් සර්වසම්පූර්ණ කරන්නට යත් දරා ඇත...මගේ කවි පොත් එකතුවට ඉසුරුගේ මහ මුහුදද එකතු වී හමාරය...මා ලියූ සටහනේ මා එකතු කළ කවි වල පවා තව බොහෝ දෑ ලියන්නට තිබුණද කාලය හරස් වෙයි...කාලය සීමිත කාලයක මගේ හිත සුව පිණිසම මේ සටහන ලියා අවසන් කරමි...ඉසුරුගේ තවත් නැවුම් නිර්මාණ එකතුවක් අත්පත් කරගැනීමට ආසාවෙන් පසුවෙමි...ඉසුරුට ජය පතමි!!
පසුව ලියා තබමි-
ඉසුරු චාමර අයියාගේ පොත සොයාගත නොහැකිව සති කිහිපයක් ළතවුනෙමි...අද දින ඉසුරු අයියාගේ සටහනක් සමඟම පොත ලැබුණ බැවින් ළතවීම වාෂ්ප වී ගිය නිසා සතුටෙන් සිටින වග ලියා තබමි.....පොත මා අතට පත් කළ උපේක්ෂා අක්කාවත් ආදරෙන් සිහිපත් කරමි..කෝච්චියේ කවි පොත් කියවීම සැබැවින්ම සුන්දර අත්දැකීමකි...ඉසුරු අයියාගේ මහ මුහුද සොයාගෙන කියවන්න ආරාධනා කරමි ..

පොත දැක්කට පොත ගැන විස්තරයක් කියෙවුවේ දැන්. ගන්න ඕන බලන්න.
ReplyDeleteඅරන් කියවන්න අයියේ මරු...දැන් තාම ලංකාපුරද ඉන්නේ
Deleteඅපුරු සටහන, පොත අරන් කියවන්න ඕන.
ReplyDeleteසොමී පොත හොයාන කියවන්න...හරිම ලස්සනයි
Deleteඉසුරු හොඳ කවියෙක් නම් ඔබ හොඳ විචාරකයෙක්. මේ කුඩා සටහන ඉසුරුව කියවන්න හදපු කන්නාඩියක් වගේ. ඒ කවි යථාර්තවාදීයි.සියුම්ව ඇනුනත් මිහිරියි.
ReplyDeleteගොඩක් ස්තූතියි අරුණ...හොඳ විචාරයක් ලියන්න පුළුවන් නියම පොතක් ඒක..
Deleteඔබේ රසවත් සටහන ඒ කවි පොත සොයාගෙන කියවීමට සිදු කරන පෙළඹවීමක්. ඔබ ඇතුලත් කරගෙන තිබූ කෙටි කවි පද කිහිපය සහ ඒ හැඳින්වීම ඒ සඳහා අතිශයින්ම ප්‍රමාණවත්. බොහොම ස්තුතියි.
ReplyDeleteගොඩක් ස්තූතියි පොකුරු...තව කවි ටිකක් දාන්න තිබ්බා නම් කියලා දැන් හිතෙනවා...සටහන දිග වෙයි කියන බයට නොදා හිටියේ..පුළුවන් නම් හොයාන කියවලා හිතෙන දෙයක් තියේ නම් ලියන්න
Deleteමේ සටහන පොත අරන් කියවන්න හිත දුන්න. මේ අපූරුවට ලීව සටහන කියවද්දී හිතුනෙ මට අමා මල්ලිත් දවසක රහ පොතක් ලියයි වගේ කියල :)
ReplyDeleteස්තූතියි හංසි..මගේ පොතක් කරන හීනේ ටිකක් පෝස්පෝන්ඩ් කරලා තියෙන්නේ..ඉස්සරහට බලමු ^_^
Deleteඅපූරු සටහනක් මල්ලි.. පොත ගන්න ඕනෙ..
ReplyDeleteඅරගන්න සිතූ...මාර පොතක් ඒක !
Deleteස්තුතියි පොත ගැන සටහනට. කියවන්න ඕන ඉක්මනටම ....
ReplyDeleteස්තුතියි පොත ගැන සටහනට. කියවන්න ඕන ඉක්මනටම ....
ReplyDeleteමං හරිම ආසාවෙන් කියවපු පොතක්. ඒකේ මට හිතට තදින්ම දැනුන කවිය "පිච්ච".
ReplyDeleteඅපූරු කියැවීමක් මල්ලි!
මං හරිම ආසාවෙන් කියවපු පොතක්. ඒකේ මට හිතට තදින්ම දැනුන කවිය "පිච්ච".
ReplyDeleteඅපූරු කියැවීමක් මල්ලි!