වැරදි ද

 නුහුරු නුපුරුදු සුවඳ මුහු

මේ සුලඟ මට නුපුරුදු,

නොදන්නා හඬකින් කියන ගී

නොතේරෙන දුක් කසුකුසු..



සත් සමුදුරු හා කඳුවැටි

වලාකුළු බැමි හා දියඇළි

හරිත කඳු නිම්න සියුමැළි

පසුකර මේ වෙරළට  පැමිණියෙමි..



ග්‍රීස්මයේ පවා චෙරි මල් පිපෙන

මෘදු සිහිනමය දනව්වකි ඔබ,

සොයසොයා මා සිටිය දිවයින

නොතේරෙන මා හද තතු විමසන..


නොතේරෙන මුත් මා කැමති 

ගීත අසමින් නැළවෙන,

තනුවක හාදුවක සුවඳක

මතක එක එක අමුණන..


තරවටු කරමි කොනිත්තමි

දඩබ්බර හිත ඔබ සොයන විට

ලං වෙන්න බැරි තරම් දුර වුනත්

ආදරේ හිතෙන එක වැරදි ද..





Comments

Popular Posts