අහඹුව

 මේ හමුවීම

අහඹුවක් විය නොහැක

පෙම්වත.


කෙලෙස හෝ

දුටුවිට ඔබව,

නිවීයනු ඇයි

මා වෙහෙස.


කෙලෙස හෝ

දුටුවිට ඔබව

උමතු මා ඇයි

සැනසෙන.


රැය ද දහවල ද

මතුරක්ව මතුරමි

පෙම්වත,

අත්හල හැකි

තරමට හුස්ම,

පෙම්කරමි නුඹට.


මේ සියළු මාවත්

ඔබෙන් අවසන් වන,

අන් මගක් නොදැන

අතරමං වනු ඇති ද

මම.


පෙම්වත

මේ හමුවීම

අහඹුවක් ද..


Comments

Popular Posts