අහිමි ය

 "ඔහොම ගියොත් කවදාවත් කවුරුත්ම ආදරේ නොකරාවි..ඔහොම තනියම ඉන්න වෙයි හැමදාම"


-මිතුරෙක්ගේ පණිවිඩයක්-


කාලය ගලා ගොස් ඇත,

එකඳු මතකයක් වත්

ඉතිරි කර ගොස් නැත,

ප්‍රේමය කිනම් හැඩය ද

ප්‍රේමය කිනම් සුවඳ ද

නොවැටහේ මට

මිතුර.


දින ගණන් වෙහෙස වී

හරිත සානු සහ නිම්න ද

කාන්තාරමය සිහින ද

එකින් එක පසුකර

ප්‍රේමයම සොයා ගියෙමි,

මිතුර,

කළුනික සහ ඉඹි පිහාටු ද

අහසේ එක තරුවක් ද

හමුවුනි,

ප්‍රේමය නම් නොතිබුණි.


ඔබ කියන්නේ ඇත්ත!!

ලියාගත නොහැකි ලෙස

කියාගත නොහැකි ලෙස

තනිකම දැනෙයි මට

දරාගනු නොහැකිය,

මිතුර.









ගලවනු නොහැක 

මේ වචන,

රෝස කටු මෙන් ඇනී

රිදවන හැටි පපුව,

ඇත්ත කොතරම් 

දුක ද!!

Comments

Popular Posts