ආදරේ වේදනා

අතහැරෙන විට මට මාව
ඇදවැටෙන විට, හිත රිදෙන විට,
දිගු කරමි ඔබ දෙසට
මගේ දෑත..


ඉපිලෙමින් සුදු පෙණ'තර
ඔබ ගැනම සිතසිතා ලතවුන,
සිඳ දැමුවෙම් මා වරල්, දන් දුන්නෙම්
ඔබ කැමති ඒ මියුරු කටහඬ,
පැමිණි පසු ඔබ සොයා ගොඩබිමට
ඔබේ අත නිදහස්ව නොපැවතුන..


අත දිගුකරමි ඔබ දෙසට
ඔබට නොපෙනන බව දැනත්
ඔබ එතැයි සිතසිතා,
මලක පෙති ගලවමින්..

ගොළුව, බිහිරිව
නාස්ති කරමින්
සාක්කු පුරා පිරුණ කාලය,
කඳුළු පිරි දෑසින්
නැවත නැවත්
දෑත ඔබ දෙසට දිගු කරමි..



"ආදරේ වේදනා ඉතින්
මම හැඳින ගත්තෙමි"




Comments

Popular Posts