ඇවිත් යන්න

ගිනි ගහන මද්දහන
නවා හතරට පහට,
සෙලෝටේප් ගසා අලවමි
සියොළඟ දූලි සුලඟක..

"මට කඳුළු එන්න කලියෙන්"
මා දමා ගිය අය ගැන මතක
හෙඩ්ෆෝන් අස්සෙන්
හිත කොනිත්ත ගහන කොට,
ටිෂූ කඩදහි පෙඟිපෙඟී
අතල මත ගුලි වෙනකොට,
.
.
කඳුළු අරගෙන යන්නට
ඇවිත් යන්න
වැහි වලාකුළු හවසට..








Comments

Popular Posts